බැංකු ගිණුමක් seized කලේ වෙන කාගේද?

0

කැබිනට් අමාත්‍යවරයෙකුගේ ගිණුමට ලක්ෂ 1150ක් බැර වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මාධ්‍ය විසින් එම අමාත්‍යවරයාගේ නම හා අනෙකුත් සත්‍ය තොරතුරු වාර්තා කළ යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඊයේ (03) මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදියෙකු එකි පුවත්පත් වාර්තාව උපුටා දක්වමින් විමසු පැනයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“කවුද මේ කැබිනට් ඇමතිවරයා කියලා කියනවා නම් හොඳයි. මොකද මමත් මේ නිවුස් එක දැක්කේ ලංකා ඊ නිවුස් එකේ. මම ඒකේ අයිතිකාර මහත්තයාට කතා කළා සඳරුවන්ට. මොකද සඳරුවන් භාවිතා කරලා තිබුණේ මගේ ඡායාරූපයක්. මගේ එකක් මම අදුනනාවනේ. වෙනකෙනෙකුගේ එකට මගේ රූපය භාවිතා කරලා තියෙන්නේ. මූණ බ්ලර් කරලා තිබුණට අත පේන්වා. සමහරු කමෙන්ට් කරලත් තිබුණා මම කියලා. මම සඳඑඋවන්ගෙන් ඇහුවේ මම සම්බන්ධ නැති දෙයකට මගේ ඡායාරූපය භාවිතා කළා ම ඇතිවන චරිත ඝාතනයට කවුද වග කියන්නේ කියලා. ඇමතිවරයෙකුගේ එකවුන්ට් එකක් තහනම් කරලා තියනවා නම් මහ බැංකුවට හැකියාව තියෙන්න ඕන ඒ කවුද කියලා කියන්න. මගේ නම් මම මෙහෙම කතා කරනවා ද? කවදා හරි මගේ ගිණුමක් තහනම් වෙන්නේ මාස ගාණක් ගිණුමේ සල්ලි නැතුව තියන එකෙන්. වැඩේ වෙලා තියෙන්නේ එක් කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට 225ම වගකියන්න වෙලා තියනවා. අපි වගේ අහිංසක මිනිස්සුන්ට ඒ චෝදනාව එල්ල කරන්න එපා. මොකද මේ රටේ ඉස්සල්ලා පලවන ප්‍රවෘත්තිය තමයි මිනිස්සු පිළිගන්නේ.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Duminda Dissanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here