මැතිවරණය පරණ ක්‍රමයට තියන්නේ නෑ…..!

0

පළාත් සභා මැතිවරණය නව මිශ‍්‍ර ක‍්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු අවසන්ව ඇති බැවින්, පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ඇතැමුන් යෝජනා කිරීම විහිළුවක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

අද (04) නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය නව ක්‍රමයටම පැවත්විය යුතු බවට නිදහස් පක්ෂය පවසන්නේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බවයි.

නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කිරීම සිදුවූයේ සියලූ දේශපාලන පක්‍ෂවල කැමැත්තෙන් බව කී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා දැන් ඇතැමුන් එයට අකමැතිවීම ගැටලූවක් බවත් පවසා සිටියා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමානිර්ණ වාර්තාවේ ඇති ගැටලූ විසඳීම සඳහා පත්කර සිටින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ලැබුණු සැණින් එය ගැසට් කර මැතිවරණයකට යාමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කර සිටියා.

Mahinda Samarasinghe