අයවැය පරද්දන්න……?, හීනෙන් තමයි…….!

0

රජයට කිසිදු අභියෝගයක්, බලපෑමක් එල්ල කිරීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

හිටපු අමාත්‍ය එස් බී දිසානායක ඊයේ විපක්ෂ විසින් අනිවාර්යයෙන් ම 2019 අයවැය පරාජය කරන බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ ආණ්ඩුව පටන් ගත් දවසේ ඉදලා මේ අය පළවෙනි වෙඩිමුර පත්තු කළා. මේ වගේ වෙඩිමුර විශාල ප්‍රමාණයක් මේ අය පත්තු කරලා තියනවා. හැබැයි එකක්වත් පත්තු වුණේ නෑ. ඔක්කෝම පුස්වෙඩි විතරයි. මේ කත් එක්තරා විදියක පම්පෝරියක් විතරයි. අයවැඅයට තව ලොකු කාලයක් නෑ. මේ නොවැම්බර් වල නේ තියෙන්නේ. එතකොට බලා ගන්න පුළුවන් මේ අයගේ මේ වෙඩිල්ලේ සද්දේ. මේ ගොල්ලෝ කටින් බතල කොල හිටවන අය විතරයි. ආණ්ඩුව වෙනස් කිරීමට හෝ අඩුම තරමේ ආණ්ඩුව රිදවීම හෝ මේ අයට පුළුවන්කමක් නෑ. ” අමාත්‍යවරයා පවසා සිටියා.