මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ආයු කාලය ඉතාම කෙටියි… කිසිදා වෙන්නොවන්න හදපු මීයාට සහ ගෙම්බාට උන වැඩේ ගැනත් කියයි

4

රටේ අස්ථාවර බව දිනෙන් දින වැඩිවීමෙන් ජනතාව ද නිර්වින්දනය වූ පිරිසක් බවට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පවසනවා.

මොරවක ලක්සර ග‍්‍රෑන්ඞ් රිසොර්ට්හි පසුගියදා පැවති සුහද හමුවකට එක් වෙමින් ඔහු සදහන් කර සිටියේ මේ තත්වය තවදුරටත් පැවතුනහොත් රටේ අනාගතය ඛේදවාචකයක් වීම වැළක්විය නොහැකි බවයි.

“මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ආයු කාලය ඉතාම කෙටියි. එ් ගැන කතාකරද්දී ඊසොෆ්ගේ උපමා කතාවක් මතක් වෙනවා. මීයෙක් සහ ගෙම්බෙක් හිත මිතුරුව ජීවත් වුණා. මීයා ගොඩබිමේ ඉන්නෙ. ගෙම්බාට දිය-ගොඩ දෙකේම ඉන්න පුළුවන්නේ. මේ නිසා දෙන්නා කරට කර ගැලපුණේ නෑ. ඒ වුනත් දෙන්නා කිසිදා වෙන්නොවන ලෙස ගිවිසගෙන මීයාගේ පයක් ගෙම්බාගේ පයක ගැටගසා ගෙන ඇවිදිමින් සිටියා. ගොඩබිමේ ඉන්නාතුරු ඔවුන්ගේ පැවැත්මට බාධාවක් වුණේ නෑ. දිනක් දෙදෙනා ඇවිදිමින් සිටියදී පොකුණක් දුටු ගෙම්බා බොහොම සතුටින් එයට පැන්නා. අවාසනාවන්ත මීයා වතුරේ ගිලී දිය මත පාවුණා. මෙය දුටු උකුස්සෙක් මීයා ඩැහැගත්තා. ගෙම්බාට මීයාගේ පය එක්ක තිබූ ගැටය ලිහාගන්න බැරිවීමෙන් දෙන්නාම උකුස්සාට ගොදුරු වුණා. නොගැළපෙන වැඩ කරන්න යන කාටකාටත් මේවා හොද පාඩම්.”

“පසුගිය ජනාධිපතිවරණයෙන් පසුත් මෛත‍්‍රී පාර්ශවයෙන් යෝජනාවක් ගෙනවිත් තිබුණ. ඒ තමයි මහින්ද මහත්තය දේශපාලනයෙන් ඉවත් කරල එතුමාට විශේෂ තැනක් හදාදීමක් ගැන. රටට නිදහස ලබාදුන් ජනනායකයට එදා එහෙම තමයි සලකන්න හැදුවේ. පොදුජනයා එවැනි දේවලට ඉඩතැබුවේ නෑ. ඒ වගේ යෝජනාවක් දැන් නම් මෛත‍්‍රී ජනාධිපතිවරයාට හොඳටම ගැළපෙනවා. ජනතාවගේ ආදරය නැත්නම් දේශපාලකයන්ට පැවැත්මක් නෑ”

4 COMMENTS

  1. I almost never drop comments, however i did a few searching and wound up here මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ආයු කාලය ඉතාම කෙටියි…

    කිසිදා වෙන්නොවන්න හදපු මීයාට සහ ගෙම්බාට උන වැඩේ ගැනත් කියයි – Lanka News Alert.

    And I actually do have some questions for you if you don’t mind.
    Is it just me or does it look like some of these responses appear as if they
    are left by brain dead individuals? 😛 And, if you are writing on additional social sites, I’d
    like to keep up with everything fresh you have to post.

    Could you make a list of every one of your public sites like
    your linkedin profile, Facebook page or twitter feed?

Comments are closed.