දුම්න්ද සිල්වාගේ ඉරණම 11 වෙනිදා විසදෙයි!

0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිවු දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 05 දෙනකු, තමන්ට නියම කරන ලද මරණ දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබන 11 වැනිද ප්‍රකාශ කිරීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා, විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම අභියාචනය සලකා බලනු ලැබීය.

2011 ඔක්තෝබර් 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මුල්‍ලේරියාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි නීතිපතිවරයා පවරා තිබූ අධි චෝදනාවලට කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් 2015 සැප්තැම්බර් 08 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු තවත් 05 කට මරණ දණ්ඩණය නියම කරනු ලැබීය.