රාජපක්ෂලා හොර පාරෙන් ගත් ණය නිසා රටම අඳුරට….!

0

පසුගිය රජය සමයේ ගි ලබා ගත් නීත්‍යානුකූල නොවන ණය හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්  අමාත්‍යවරයා පවසා සිටියේ ලබන වසරේ දි ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම ණය බවයි.

“අන්තිම අවුරුද්ද ඉතාම නරක අවුරුද්දක්. ලබන වසරේ තමයි අපිට ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙන්නේ. පසුගිය රාජපක්ෂ රජය ගත්ත සියළුම ණය වාර්තාව තියනවා භාණ්ඩාගාරයේ. අපි ඒක බාලගෙන ආවේ. නමුත් අපි දැක්කා අපිට තියන ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අපිට ගෙවන්න වාර්ෂිකව ඉල්ලීම එනවා කියලා. අපි බැලුවා මොකද මේ වෙන්නේ කියලා. බලනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සීමා දාලා තියනවා ණය ගන්න. මේ අය ඒ අයට හොරෙන් බැකු හරහා ණය අරගෙන තියනවා. ඒ රටේ ණය ගන්න අයව දාලා ඒ රටවල බැංකු වලින් රාජපක්ෂලා ණය අරගෙන. ඒවා භාණ්ඩාගාරයේ තියන රටේ ණය නෙමෙයි. බැංකු පද්ධතිය හරහා ඇවිල්ලා තියන ණය. නමුත් ඒ ණය ගෙව්වේ නැති නම් මේ ආණ්ඩුව අපේ බැංකු ඔක්කෝම කඩා වැටෙනවා. ලලිත් කොතලාවල ගේ බැංකුවලට, ආයතන වලට වෙච්ච දේ තමයි ලංකාවේ ආයතා බැංකු වලට වෙන්නේ. ඒ නිසා විශාල අර්බුදයක් තියනවා අපිට විසදගන්න.” අමාත්‍යවරයා පවසා සිටියා.

Rajitha Senaratne