අගමැතිවරයා බොරුකාරයෙක්…….බොරු කිය කිය ලෝකේ පුරා යනවා

0

ලංකාවේ ණය පිළිබඳව මිත්‍යාවක් අගමැතිවරයා විසින් ලොව පුරා ප්‍රචාරය කිරීම ලංකාවට ඉතා අහිතකර අන්දමින් බලපාන බව පාර්ලිමේන්තු බන්දුල ගුණවර්ධන පවසා සිටියා.

ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අනාගතයේදි හම්බන්තොට වරාය චීන නාවික කඳවුරක් බවට පත් විය හැකි බවට අමෙරිකානු උපජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“ශ්‍රි ලංකා ආණ්ඩුව නිදහසින් පස්සේ ණය පොලි වාරික ආපසු ගෙවීම පිළිබඳව කිසිදු ගැටළුවකට ඉතිහාසයේ මුහුණ දීලා නෑ. 2015 දි තෙල් ආනායනය කරන්න යන වියදම අඩු වුණා. 2015 මේ රජය පැමිණි වහාම හම්බන්තොට වරායේ ණය එකපාර ගෙවලා දැම්මත් තව අ. ඩො මිලියන 500ක් ඉතුරු වෙනවා. වරාය අධිකාරිය 2014 දි ලාභ ලැබුවා රුපියල් මිලියන 8897ක් ඒ නිසා 2015 දි හම්බන්තොට වරායේ ණය වාරිකය ගෙවීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් වරාය අධිකාරියට තිබුණේ නෑ.”

“මේ රජය පැමිණීමෙන් පසුව මහින්ද රාජපක්ෂ යුගයෙන් පලිගැනීමේ චේතනාවෙන් වරායත් කඩා වැටෙන්න සැළැස්සුවා. නැව් පැමිණීම අඩු වුණා 230 ට අග්‍රාමාත්‍යතුමාත් එක්සත් ජාතික පක්ෂයත් ණය කන්දක් පිළිබඳ මිත්‍යාවක් ලෝකය පුරා විසුරුවා හැරියා. රුපියල බාල්දු වීම නිසා ලංකාවේ ණය වාරිකය රුපියල් බිලියන 1000කින් වැඩි වීම ගැන අමෙරිකාවේ උපජනාධිපතිවරයා කතා කරන්න ඇත්තේ ඇයි. මොකද සංඛ්‍යා ලේඛන වරද්දලා එතුමාට සන්නිවේදනය කරලා තියනවා අග්‍රාමාත්‍යතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන් මේක කරන්න ඇත්තේ අමෙරිකානු එක්සත් ජනපදය කැදවගන්න තියන උවමනාවට. මම ඕනෑම ආර්ථික ඔස්තාර් වරයෙකුට අභියෝග කරනවා නිදහසින් පස්සේ නිදහසින් පස්සේ ලංකාවේ කිසියම් රජයක් රටේ ණය වාරිකය 1100කින් වැඩි කරපු රජයක් තියනවා නම් ඒ ආණ්ඩුව මේක කියලා පුළුවන් නම් කියන්න කියලා රටට.” මන්ත්‍රීවරයා පවසාසිටියා .

Bandula Gunawardane