එජාපයේ ජනපති අපේක්ෂකයා තාම තීරණය කර නෑ…….ඉන්න ජනපති ගැන සාකච්ඡාවකුත් නෑ…අපිට ඕන අපේ කෙනෙක්!

6

2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය මෙතෙක් කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධව පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් වන අතර එසේ තිබිය දී එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කරන ලද වාර්ථා තරයේ ප්‍රතිෙක්‍ෂ්ප කරන බවයි හෙතෙම අවධාරණය කළේ.

ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධව ඇතැම් මාධ්‍ය පළ කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිවලට පිළිතුරු දෙමින් ඊයේ (07) කුරුණෑගල දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ නියෝජ්‍ය තවදුරටත් මෙසේද කීය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පොදු අපේක්‍ෂකයා ලෙස නම් කිරීම සඳහා සාකච්ඡා සිදු කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පළ කර තිබෙන ආකාරය මා දුටුවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරනවා. 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය මෙතෙක් කිසිඳු තීන්දුවක් ගෙන නැහැ. ජනාධිපතිවරණයක් සඳහා ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනු ලබන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා ලද තීන්දු අනුවයි.”

“ඒ වගේම 2020 මැතිවරණය සඳහා තවත් අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය යනු අවුරුදු එකහමාරකට පෙර අපේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන පක්‍ෂයක් නොවන බව කිව යුතුයි. 2020 වන විට රටේ පවතින දේශපාලන තත්ත්වයත්, සියලූ පක්‍ෂ හා සිවිල් සංවිධානවල වගේම සුළු ජාතීන්ගේ විශ්වාසය ලබාගෙන ඒ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි පුද්ගලයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අපි නිසි වේලාවට ඉදිරිපත් කරනවා. අපේ බලාපොරොත්තුව වන්නේ 2020 දී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමයි. එක්සත් ජාතික පක්‍ෂයේ බහුතරයකගේ මතය වන්නේ එයයි.”

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව අපි කිසි විටෙක ප්‍රතිෙක්‍ෂ්ප කරන්නේ නැහැ. අපි එතුමා සමග වැඩ කටයුතු සිදු කරනවා. එතුමා ජනාධිපති ධූරයට පත් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය විශාල දායකත්වයක් ලබා දුන්නා. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ද බලාපොරොත්තු වන්නේ 2015 දී එතුමාට විරුද්ධව කටයුතු කළ බලවේග සමග එකතු නොවී ජනතා අපේක්‍ෂාවන් මුදුන්පත් කරවා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරනු ඇති බවටයි.”

Nalin Bandara

6 COMMENTS

  1. Most cookware sets created from low-quality materials leave harmful metallic tastes and discolorations

    that can ruin your meals. Every dish lovingly prepared is stuffed with essential goodness,

    keeping all your family members happy and healthy.

    The energy could be maximized having a portable induction cooktop since it heats food

    in a short time, which leads to less energy consumption.

  2. This includes wooden cabinet door fronts, solid stainless steel doors and a lot more.

    Plus, this will likely ensure you are going for one which help keep the dishes clean without the problems that a bad washer could cause.

    More advanced offerings can sometimes include an electronically controlled

    water softener that is activated when needed.

  3. If you happen to be travelling to another city and

    find that there is a good show because city, you can not search around for that box office, stand in a line and buying the tickets.

    They will shun jobs high isn’t profit to the neighborhood involved.

    Now you’ve taken that all-important 1st step

    and therefore are looking over this report about flash games and online community,

    you are within the unique and privideged position for being amongst several pioneering entreprenuers who already know relating to this and they are taking affirmative action.

  4. I think that is one of thhe such a lot important information for me.

    And i am satisfied reading your article. But want to commentary on few basic issues, The website taste is ideal, the articles

    is in reality great : D. Good activity, cheers

Comments are closed.