අපි එක එක අගු පිල්වල ලගින්නේ නෑ……බලය ඕන නම් අපි ලඟට එන්න!

0

ලබන ජනාධිපතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන්නේ එම පක්ෂයේ සාමාජිකයෙක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජනාධිපති මැතිවරණයට නාම යෝජනා දෙනකම් ඉමු. ඒ නිසා අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම තමයි අපේ පළවෙනි බලාපොරොත්තුව. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒකට අවශ්‍ය බලවේග දැන් අපි එකතු කරගෙන යනවා. ඊලඟට සමහර අය කියනවා අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙන්න කියලා. අපිට එකතු වෙන්න දෙයක් නෑ. ඕන කෙනෙකුට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා එකතු වෙන්න පුළුවන්. අපේ පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය ඇරුණාම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය. ඒ නිසා අපේ පක්ෂයට එකතු වෙනවා මිසක්. අපි මේ පක්ෂය දාලා අගු පිල් වල ලගින්න යන්න සූදානම් නෑ. මේක තමයි අපි ජනතාවට දෙන්න ඔන පණිවිඩය . අපි මේ ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන යාම සඳහා අවශ්‍ය බලපෑම කරනවා. යම් අවස්ථාවක අපි රජයෙන් ඉවත් විය යුතුයි කියලා තීරණය කලොත් එම අවස්ථාව අපි එම වෙලාවේ තේරුම් ගන්නවා. අපි ගැන විතරක් කල්පනා කරලා මෙ තීන්දු ගන්න බෑ.”  අමාත්‍යවරයා පවසා සිටියා.

Nimal Siripala de Silva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here