ඉන්ධන මිල සූත්‍රය…..ධනාත්මකද? සaණාත්මකද?

0

ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ පහළ යාම සමඟ ලංකාවේද තෙල් මිල ඉහළ යාම හෝ පහළ යාම සිදු වන බව මුදල් අමාත්‍යංශය පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ධනාත්මක හා සaණාත්මක කරුණු පිළිබඳව අධ්‍යයක් අප විසින් සිදු කළා.

ඉන්ධන මිල සූත්‍රය

ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් ඉහල – පහළ යෑම වරින් සිදුවෙයි. මෙම මිල උච්චාවචනයන්ට සාපේක්ෂව දේශීයව ඉන්ධන මිලද අඩු-වැඩි කිරීමේ අරමුණින්, මිල සූත්‍රය හදුනාවාදී ඇත. ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපෙක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ලෝක මිල ගණන් අඩුවන අවස්ථාවක දී එම සහනය ජනතාව වෙත අත්කර දීම මෙහි අරමුණකි. නිවරදිව ඉන්ධන මිල නොගැලපීම තුළින් ආර්ථිකයේ උද්ධමනය ඉහළයාම, ආනයන- අපනයන පරතරය ඉහළයාම හේතුවෙන් වෙළඳ ගිණුමේ හිගයක් ඇතිවීම මෙන්ම ඒ හේතුවෙන් ගෙවුම් ශේෂ හිගය වර්ධනය වීම වැනි කරුණුවලට සාර්ථකව මුහුණදීමේ අරමුණ ද හේතුවී ඇත.

ඉන්ධන මිල සූත්‍රය අනුව මිල වැඩි වූ අවස්ථා :

මිල සූත්‍රය පිළිබඳව රජය මඟින් ඉදිරිපත්කර ඇති කරුණු

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ 

තෙල් මිල සූත්‍රය වෙළඳ පොළ සංවේදී දෙයක් නිසා එය ලබාදීම සුදුසු දෙයක් නොවන බවත්, තෙල් මිල සූත්‍රය විනිවිද භාවයකින් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණයකර ඇත. ඉන්දියාව වැනි රටක එය දිනපතා වෙනස්වන බවත්, එවැනි තත්ත්වයක් යටතේ මිල සූත්‍රය බාහිර පාර්ෂවයන් දැනගැනීමෙන් අහිතකර නොව බවත් පවසා ඇත. එහෙත් එය මසකට හෝ සතියකට වරක් සිදුවේ නම්, ඒ අනුව ඉන්ධන විකුණුම්කරුවන්ට අනවශ්‍ය තොග රැස්කිරීම මගින් අයුතු ලාභ ලබාගැනීමට අවස්ථාවක් සැලසෙන බව පෙන්වා දෙයි. එබැවින් තෙල් මිල සුත්‍රය බාහිර පාර්ෂවයන් දැනගැනීම යෝග්‍ය නොවන බව පෙන්වා දෙයි.

ඉන්ධන මිල සූත්‍රය හදුන්වාදීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී, අමාත්‍ය මංගල සමරවීර සිදු කළ ප්‍රකාශය

එදිනෙදා සමාජ ආර්ථීක ක්‍රියාකාරිත්වයට සෘජුවම සම්බන්ධ ප්‍රධානතම කාරණාව වන  ලෝක වෙ‍ෙළඳපළේ ඉන්ධන මිල වැඩිවන හා අඩුවන අන්දම විමර්ශනය කර මාස 02කට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළව සැකසු ඉන්ධන මිල සුත්‍රය හදුන්වාදෙන බවයි.

මිල සූත්‍රය සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත :

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විධිවිධාන අනුව මෙම ඉන්ධන මිල සූත්‍රය ලබාගැනීම සඳහා පාර්ෂව කිහිපයක් ඉදිරිපත් වී ඇත. මිල සූත්‍රය ක්‍රියාත්මක කරන ආයතනය ලෙස මුදල් අමාත්‍යාංශය එම තොරුතුරු ලබාදීම ප්‍රතික්ශේප කර ඇත. ඊට එරෙහිව එක් පාර්ෂවයක් තොරතුරු කෙමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත්කර අති බව, තොරුතුරු කොමිෂන් සභාවෙන් සිදුකළ විමසීමක දී පවසන ලදි.

තොරතුරු පනතේ විධිවිධාන අදාලවීම

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව, මිල සූත්‍රය බාහිර පාර්ෂවයක් වෙත ලබා නොදී සිටීමට පහත විධිවිධාන භාවිතා කළ හැකිය.

පන්තේ 5 වැනි වගන්තිය අනුව තොරතුරුවලට ප්‍රවේශවීම ප්‍රතික්ශේප කළ හැකිය. එහි 5 (1) (ඇ) (IV) අනුව, භාණ්ඩ සහ සේවාවල මිල ස්ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට යන විධිවිධානය සහ 5 (1) (ඇ) (V) අනුව අදාල තොරතුරු හෙලිදරව් කිරීම මගින්, අදාල ආණ්ඩුවේ ආර්ථික හෝ මුල්‍යමය ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ නොකඩවා පවත්වාගෙන යෑම සම්බන්ධ තීරණ නිසිකලට පෙර හෙළිදරව් වීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් සිදුවිය හැකි අවස්ථාවක එම තොරුතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ශේප කළ හැකි.

විවේචන – සෘණාත්මක කරුණු

තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බවත් ලංකා ඛනිජතෙල් සේවක සංගමය සඳහන් කරයි.

එහි සභාපති ආචාර්ය අශෝක රන්වල  පැවසූවේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන්ගෙන් සමන්විත කමිටුවක් සිටියයුතු බවත්   අඩුම තරමේ ඔවුන් සමග දල අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය. එම මාධ්‍ය හමුව පහත දිගුවේ ඇත.

ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත.

ඉන්ධන මිල සූත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අභියාචනයක් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක්  (සැප්තැම්බර් 28දා) මුදල් අමාත්‍යාංශයට භාරදී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here