අධිකරණයට එරෙහිව විමල්ව කඩේ යවපු හැටි ඩීවි කියයි

0

පසුගිය රාජපක්ෂ සමයේදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ වැනි ඇමතිවරුන් අධිකරණයට අපහාස කිරීමට යොදා ගත් බව ඩිව් ගුණසේකර පවසනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (08) කඹුරුපිටියේ පැවති ජනහමුවකදී මේ බව සඳහන් කර සිටියා.

“මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ශිරාණි බණ්ඩාරනායක අස් කරන වෙලාවේ මම ජනාධිපතිතුමාට කිව්වා මේක වැරදියි කියලා. මේ ක්‍රමවේදය වැරදියි. මේ මන්ත්‍රිවරුන් වැඩ කරන විදිය වැරදියි. මට කිව්වා ඡන්දය දෙන්න කියලා. මම කිව්වා මගේ ක්‍රමය මම වෙනස් කරන්නේ නෑ. ඔබතුමා හෙට උදේ මාව කැබිනට් එකෙන් ඉවත් කළත් කමක් නෑ කියලා. අපි කිව්වා එයා අස් කරනවා නම් අස් කරන්න. ඒ නියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරන්න කියලා. හරස් ප්‍රශ්න අහන්න දෙන්න බෑ විමල් වීරවංශලාට. ඒ ගොල්ලෝ ඒ අහපු හැටි අපි දැක්කා. මන්ත්‍රිවරු අග්‍ර විනිශ්චයකාරවරියට ආමන්ත්‍රණය කරන විදිය අපි දැක්කා. එතකොට නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. අධිකරණයේ ස්වාධිපත්‍ය බිඳ වැටෙනවා. පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් වෙනවා. මන්ත්‍රිවරයෙකුට තමන්ගේ කාර්යය මොකද්ද පොතේ හැටියට පළවෙනි එක නීති සම්පාදනය. අද අපේ 225 ම නොකරන දෙයක් තමයි නීති සම්පාදනය. ඊලඟට කරන්න ඕන ජනතාවගේ ප්‍රශ්න මෙතන මතු කරන එක ඒක කරන්නෙත් නෑ. පාර්ලිමේන්තුව රැස් වුනාම 10 දෙනයි ඉන්නේ 225 න්.” හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here