භාරකාර ආණ්ඩුවක් එක්ක හරි අයවැය පරද්දලා පෙන්වන්න බලන්න……!

1

භාරකාර ආණ්ඩුවක් හෝ පත් කර 2019 අයවැය ඡන්දය පරාජය කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

භාරකාර රජයක් පිළිබඳ අද (09 දා) දිනයේ ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ සාකච්ඡාවක් පවත්වන බවට වාර්තා වී ඇති අතර භාරකාර රජයක් පත්වීම වැනි කාරණා පිළිබඳ තම පක්ෂ කලබල වෙන්නේ නැති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

2015 ජනවාරි 08 බලයට පත් වූ දින ඒකාබද්ධ විපක්ෂයේ මෙවැනි ගැට, මරතොණ්ඩු දැමීමට උත්සාහ කළත් මේ ආණ්ඩුව ඒ සියල්ල අභිබවා ඉදිරියට යන බවත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පකෂයේ පිරිසක් සමග එක්ව භාරකාර රජයක් පිහිටුවීමට උත්සාහ කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැති ඇමැතිවරු දහයක්, පහළොවක් පමණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට කිසිදු කැමැත්තක් නැති බවත් ඔහු සඳහන් කළා.

එසේම ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් සමග එක්වී භාරකාර ආණ්ඩුවක් හැදීමට ප්‍රථමව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් පිරිස සමග එක්වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව ද මන්ත්‍රීවරයා පවසා සිටියා.

1 COMMENT

Comments are closed.