ජනාධිපති ඝාතනය කරන්න හැදුවෙත් නාමල් තමයි……!

0

රුපියල බාල්දු වීම හා රටේ ආර්ථික මර්මස්ථාන අහිමි කර ගැනීම තුළ රටේ අනාගතය දිනෙන් දින පිරිහීමට ලක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

ලන්ඩනයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි වැඩිදුරත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,

“ජනාධිපතිවරයා ඝාතනය කරන්න කොන්ත්‍රාත් දීලා. එයත් නාමල් තමයි හැබැයි මේ නාමල් නෙමෙයි. හඩ පටයකුත් දෙනවා. හැබැයි හඬ පටයේ අයව අත්තඩංගුවට අරගෙන නෑ. කොටුවේ මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලනවා නියෝහයක් පාස්පෝට් එක තහනම් කරන්න විතරක් මොකද රට පැන්නොත් පරීක්ෂණ කරන්න බෑ. අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයාට එරෙහිව සාක්ෂි හදන්න අගමැතිවරයාට බලපෑම් කරනවා. අපිත් හරි කැමතියි අපේ ලැම්බෝගිනිය හොයලා දෙනවා නම්, රත්තරං අශ්වයා හොයලා දෙනවා නම්. මම ලිඛිතව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ලියලා දෙනවා පුළුවන් ඩොලර් බිලියන 18 ඩුබායි වල තියන ගිණුම ගෙනත් දෙන්න කියලා. දැන් රාජිත සේනාරත්න ඒක දැක්කා කිව්වා නේ. දැක්කා නම් ඒ ගිණුම ගෙනල්ලා ලංකාවේ බැංකුවකට දාගත්තා නම් මහ බැංකුවට හැර නැත්නම් ඒකටත් විදිනවා. වෙන බැංකුවක දා ගත්තා නම් ඩොලරය 100ට විතර බහිනවා. ” මන්ත්‍රිවරයා පවසා සිටියා.