20 ජනමත විචාරණයට යන මග අහුරන්න එපා….!

1

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරු 225 දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ඉඩ දීම මන්ත්‍රීවරුන්ගේ වගකීම වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් පමණක් ජනමත විචාරණයකට ලක් කළ යුතු බවත් අනෙකුත් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීම ප්‍රමාණවත් බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

1 COMMENT

  1. Ichh wollte bei Ihnsn dafür bedanken diese ajsgezeichneten lesen !!

    Ich auf jeden Fall Scherheit liebte jedess bisschn es.

    Ich hqbe als Favortit gespeichert zu sehen Dinge, die Siee veröffentlichen …

Comments are closed.