එජාප මන්ත්‍රි 20ක් මහින්ද සමඟ හිට ගන්න සූදානම්…..!

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයෙ මන්ත්‍රීවරුන් 20 ක පමණ ප්‍රමාණයක් මේ වන විට කැමැත්ත පල කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී චානක පවසනවා.

පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සමග එක්වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සාදන බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් විසින් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

සභාග රජයක් හැදීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිමුඩියක් නැතත් සුදුසුම මොහොතේ සුදුසුම තීන්දු ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානම් යැයි ද මන්ත්‍රීවරයා පවසා සිටියා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ආණ්ඩුවක් හැදීම ගැන සාකච්ඡාවක් නොවුණ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී පක්ෂ නායකයන් කීප දෙනෙකු අතර කිසියම් සාකච්ඡාවක් වී ඇතැයි මන්ත්‍රීවරයා පවසා සිටියා.