වෙබ් අඩවි වලට එරෙහිව පොලිස් ලොක්කෙක් CIDයට……

0

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ගිය ජනාධිපතිවරයා අමෙරිකාවේදි නවාතැන් ගත් හෝටලයේ විස්තර හා අධිසංවේදි හා අධි ආරක්ෂිත තොරතුරු එක්තරා වෙබ් අඩවියක වාර්තා වීම හා එම වෙබ් අඩවියකට එම තොරතුරු ලැබුණු ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ මේ පිළිබඳව නඩු පවරා ඇති අතර ජනපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අංශය වෙත ගොනු කර ඇත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජත්‍රාන්තික දූත පිරිස අමෙරිකාවට ලඟා වීමෙන් පසුව නවාතැන් ගනු ලැබුවේ නිව්යෝක් නුවර පාර්ක් ඇවිනිව් හි ලෝස් රීජන්සි නම් හෝටලයේ බවත් එහි ජනාධිපතිවරයාට අමතරව තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක්ම නවාතැන් ගෙන සිටි බවත් පැමිණිල්ලේ සඳහන් කරතිබුණි.

එසේ තිබියදි අදාළ වෙබ් අඩවිය විසින් ජනාධිපතිවරයාගේ කාමර අංක දුරකතන අංක ඇතුළු අධි ආරක්ෂක තොරතුරු හා ඡායාරූපයන් ප්‍රචාරය කළ බවත් පැමිණිල්ල පවසා සිටියා.

ඒ අනුව මෙම සිදුවීම් අගින් ජනාධිපතිවරයාගේ සහ ජාතික අරක්ෂාවට මෙන්ම මහජන සාමයටද බරපතල තර්ජනයක් වී ඇති බැවින් 2007 අංක 24 දරන පරිඝණක පනතේ 06 වෙනි වගන්තිය යටතේ ගැනෙන වරදක් වනබවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු පැහැදිළි කොට ඇත.

කෙසේවෙතත් දෙමළ ඩයස්පෝරාව විසින් පිහිටුවා ඇති ඊලාම් රාජ්‍යයේ අමාත්‍යවරයෙකු වන රුද්‍රකුමාර විසින් එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ හෝ වෙනත් යම් අවස්ථාවක හෝ උද්ඝෝෂණයක් sසංවිධානය කිරීමට ඉඩ ඇති බවට ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර සිටම තොරතුරු ලැබුණු බවයි එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ.