දුමින්දව එල්ලුම් ගහෙන් ගලවන්න බැරි වෙයි…..!

0

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළා.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට අද (11) පස්වරු 2.30 පමණ ප්‍රකාශයට පත් කළා.

මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කළා.

කෙසේවෙතත් මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් ට හිමි දඩුවම ඉවත් කිරීමට අධිකරණය තීරණය කොට ඇත.