ජනවාරි 08 පෙර කිව්වේ බොරුද?…..ජනපතිට කියන්න අවස්ථාව

0

භාරකාර ආණ්ඩුව පිහිටුවීමත් සමග 2015 ජනවාරි 08 පෙර කියු දේ හෝ 2015 ජවාරි 8 පසෙ කියු දේ හෝ අසත්‍ය බවට පිළි ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසා සිටියා.

ඊයේ (10) මාධ්‍ය සාකච්ඡා කැඳවමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“මම හරි ආසාවෙන් ඉන්නවා සභාව ආන්ඩුව හැදුනාට පස්සේ මේ කතාව අහන්න. මී ලඟට ඔබ අමතන්නේ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා දැන් එනවා වේදිකාවට. ඇවිල්ලා කියනවා ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. මම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විදියට පළමුවෙන්ම කියන්න ඕන මේ මාගේ දකුණු පසින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුතිමා. මෙතුමා මාව අඩි 6ක් පොළව යටට යවන්න හිටපු කෙනෙක්. මේ වගේ කෙනෙක් එක්ක එක වේදිකාව ඉන්න වෙච්ච එක ජනතාවණි මට පුදුම දෙයක් වෙලා තියෙන්නේ. බලන්න මම ජනවාරි 08 වෙනිදා ඇවිල්ලා කිව්වේ මෙතුමා ලෝක හොරෙක් කියලා. මේ හොරා සමඟ මට මේ එක වේදිකාවේ එක භාරකාර ආණ්ඩුවේ ඉන්න සිද්ධ වෙලා තියනවා. කුමන වූ විපත්තියක් ද? දැන් එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා රව රව ඉන්නවා.”

“මම හිතන්නේ මම මේ කරපු රඟපෑම කරන්න මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට බැහැ. භාරකාර ආණ්ඩුව මිරිගුවක්. භාරකාර ආණ්ඩුව සිහිනයක්. ඒක කරන්න බෑ. එතුමා බැන්න බැනිල්ලට. එතුමා එක්කෝ කියන්න ඕන මම 2015 ජනවාරි 08 ට පෙර කිව්ව සේරම බොරු. එක්කෝ කියන්න ඔන මම 2015 ජනවාරු 08 ට කිව්ව සේරම බොරු දැන් කියන්නේ ඇත්ත කියලා” නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.