‘විෂන් 2025’ යටතේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් කරනවා

0

ආණ්ඩුවේ ඉදිරි ආර්ථික උපායමාර්ගික සැලැසුම වන ‘විෂන් 2025’ යටතේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේක්ෂා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (11) අරලියගහ මන්දිරයේදී පැවති ‘ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කිරීම’ යන්න තේමා කරගත් ඉන්දියානු සාගරය ආශ්‍රිත හා ඉන් ඔබ්බෙහි වන රටවල් 40ක නියෝජිතයන් සහභාගි වන දෙදින අන්තර්ජාතික සමුළුවේ සමාරම්භ උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“80%ක්ම අන්තර්ජාල සබඳතා රැගෙන යන්නේ මුහුදු පතුලේ එලන කේබල් මගින්. වර්තමානය වනවිට බොහෝ රටවල ආර්ථික හා සමාජීය යහපැවැත්ම රඳාපවතින්නේ අන්තර්ජාල සබඳතා මතයි. මේ හේතුව නිසා මුහුදු පතුල පාලනයෙන් ගිලිහුණු කේබල් පද්ධති හරහා අවුල් ජාලාවක් බවට පත්ව තිබෙනවා.”

“ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටීම නිසා ඒ පිළිබඳ ගැඹුරෙන් සලකා බැලීමට අවශ්‍යතාවක් මතුවෙනවා. මේ සඳහා සමුදුරු පතුලේ එළන කේබල්වල ආරක්ෂාව සඳහා සුවිශේෂී වූ අන්තර්ජාතික මධ්‍යස්ථානයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම අපට අවශ්‍යව තිබෙනවා.”

“මේ සඳහා අපි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහන සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරගෙන යනවා. මෙම මධ්‍යස්ථානය සඳහා තාක්ෂණික හා බුද්ධිමය දැනුම ලබාදෙන්නට සහයෝගය ලබාදෙන ලෙස මේ අවස්ථාවට එක්ව සිටින සියලුම රාජ්‍ය නියෝජිතයන්ට ආරාධනා කරන්න අපි කැමතියි” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here