ආණ්ඩුව ඉක්මනින් පෙරලන්නත් ඕන……සභාග ආණ්ඩු ගැන විශ්වාසයක් නෑ….!

0

හැකි ඉක්මනින් ආණ්ඩුව පෙරලා දැමිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

ඊයේ (11) තම නිල නිවසේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“දේශපාලන වශයෙන් අද රටේ තියන තත්ත්වය ඉතා භායානකයි. රටේ සම්පත් ටික විකුණනවා. ඒවගේම ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරන්නේ පොලිසියෙන්. නීතිය වල් වැදිලා. අධිකරණය ඉදිරියේ නඩු දාන්නේ තෝරා ගත්ත ඒවා. මම හිතනවා අධිකරණය ඇස් දෙක ඇරලා බලන්න කටයුතු කරන්න කාලේ හරි ඇස් දෙක වහගෙන ඉදලා හරියන්නේ නෑ. මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් අවසන් කර ගැනීම තමයි විපක්ෂ විසින් අද කළ යුත්තේ. ”

මේ අතර ඊයේ උදැසන අභයාරාමයේ දි අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ සභාග ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති බවත් එය තවමත් යෝජනාවක් පමණක් බවත් සිදු වන තුරු විශ්වාසය තබා ගැනීමට නොහැකි බවත ය.

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here