සිරිසේන ජනාධිපති යටතේ මහින්ද අගමැති වෙන්න බෑ…..? මොන කුණුහරුපයක්ද?

0

55% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම සාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසනවා.

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියද බදුල්ලේ පැවති ජන හමුවකදි සභාග හෝ භාරකාර ආණ්ඩුව පිළිබඳව අදහස් දක්වා සිටියා.

“කුමාරවෙල්ගම හා තව තව කට්ටිය කියනවා නෑ නෑ අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕන නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මට ඒ කුනු හරුපේ තේරෙන්නේ නෑ. 2015 95 ක් මන්ත්‍රීවරු තේරි පත් වුණේ කුමාර වෙල්ගම එක්ක, මහින්ද මහත්තයා අගමැති කරන්න. ඉතින් 2015 මහින්ද මහත්තයා ව අගමැති කරන්න ජනතාව සල්ලි දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ. එදා ඒක කරන්න පුළුවන් නම් අද මොකද්ද තියන ප්‍රශ්නය. එදා රනිල් වික්‍රමසිංහ ව 44 දෙනෙක් ඉන්දැදි අගමැති කරන්න පුළුවන් නම් ජනාධිපතිවරණ මැතිවරණ දිහා බලාගෙන. දැන් රටේ ම ඡන්දය තියෙන්නේ යූ එන් පීයට 30% යි පොහොට්ටුවට 45%යි, බුලත් කොලෙට 15යි, දෙක එකතු වුණාම 55%යි, ඒනිසා 55%ක් මත මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන එක සාධාරණයි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Dilan Perera