අපි සරුංගලෙත් පිටරටෙන් ගේන ජාතියක්! ඩොලරයයි, රුපියලයි ගැන කවර කතා ද?

0

ලෝක බලවතුන්ගේ ආර්ථික ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට බලපෑම් එල්ල වුවද නිසි ආර්ථික සැලසුම තුළින් එම අභියෝග ජය ගැනිමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

“අපි තව දින කිහිපයකින් රටේ අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. අයවැය පරතරය පහසුවෙන් ගෙවන්න ක්‍රමයක් තියනවා. ඒ තමයි මේ රටේ දේශපාලකයින්ට වේදිකාවට ඇවිල්ලා තමන් කවදාවත් හොරකම් කරන්නේ නැති මිනිහෙක් කියලා කියන්න පුළුවන් සංඛ්‍යාවෙන්. එහෙම කියන්න පුළුවන් පිරිස අඩුයි මේ රටේ. රටේ තියන මුදලෙන් දූෂණයට හා වංචාවට වෙන් වෙන මුදල වළක්වා ගන්න පුළුවන් නම් අයවැය හදන්න කිසි කරදරයක් නෑ. මේ රටේ දේශපාලකයාගේ ඉදලා රාජ්‍ය සේවකයා වෙන කම් සියළු දෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහගන්න ඕන තමන් හොඳ මිනිහෙක්ද කියන එක. ආණ්ඩු පෙරලන්නේ හොරකම් කරන්න. සල්ලි හොයන්න. මේක දේශපාලන ගත රෝගයක් වෙලා තියෙන්නේ. එහෙත් ජනතාව ඡන්දය භාවිත කරනකොට කවුද හොද කවුද නරක කියලා දැන ගෙන හිටියත් ඡන්දය භාවිතා කරනවා ඒක තමයි ඇත්ත කතාව.”

“අද කවුරුත් කතා කරන ඩොලරයේ අර්බුදය, ඒ නිසා රුපියලේ ඇති වෙලා තියන අර්බුදය. ලෝක බලවතුන්ගේ ආර්ථික යුද්ධය නිසා අපි වගේ පුංචි රටවලට ගොඩක් රිදෙන්න පටන් අරන් තියනවා. නමුත් ඒ අර්බුදය අතරය දූෂණය වංචාව ඉහවහා ගියාම අපි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න ඕන. අපි සරුංගලෙත් පිටරටෙන් ගේන ජාතියක් නේ අද. එහෙම තියෙද්දි ඩොලරයයි, රුපියලයි ගැන කවර කතා ද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here