අවුරුදු තුනක් සිටි ආණ්ඩුවෙන් ඉවත් වී මහින්ද සමඟ ආණ්ඩු හැදීම ජනපතිගේ විලමිභීතයක්!

9

වර්තමාන සම්මුති ආණ්ඩුව වෙනුවට රාජපක්ෂවාදීන් හා එක්ව බලය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් දරනු ලබන බවට වාර්තා වී ඇති උත්සාහය ද්‍රෝහී කමක් බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

අමාත්‍යවරයා මෙලෙස සඳහන් කර සිටියේ  සිය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය එක්වී ආණ්ඩුවක් හැදීම “බහුබූත විලම්බීත කතාවක්” ලෙස බැහැර කළ ඔහු ඊට විපක්ෂයේ ඉන්නා දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති හෝ සහයද නොලැබෙනු ඇති බවට විශ්වාසය පල කළා.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසුනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දෙපිල සමාදාන වී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා පැවැත්වූ බවට කොළඹින් පල කෙරෙන සියලුම ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය මගින් කර ඇති හෙළිදරව්ව ඒ දෙදෙනාගෙන් කිසිවකුත් නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේ නෑ,” අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පොදු අපේක්ෂකයන් බලයට පත් කිරීම මගින් අපේක්ෂිත අරමුණු ඉටු කරගත නොහැකි බව අත්දැකීම් විසින් තහවුරු කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම ස්ථානයට පත් කරන යමෙක් වේ නම්, “ඉන්න නායකයාට වඩා විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක්” විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

Sarath Fonseka



9 COMMENTS

  1. Right here is the perfect site for anyone who wants

    to find out about this topic. You realize so much its almost hard to argue with you

    (not that I actually would want to?HaHa). You certainly put a brand new spin on a subject that has been discussed for years.

    Great stuff, just wonderful!

Comments are closed.