ජනපති සටන එක්ක පොහොට්ටුවේ විනාශය අතලඟ….

0

ඒකාබද්ධ විපක්ෂය තුළ හටගෙන  ජනාධිපති අපේක්ෂකත්ව අර්බුදය පොහොට්ටුවේ විනාශය කැඳවන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.

ඊයේ (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඒ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මම දැක්කා කුමර වෙල්ගම මහත්තයාට චෝදනා කරනවා යූ එන් පී ය ගෝඨාභයට භය වුණාට ඇයි කුමාර වෙල්ගම ලා ගෝඨාභය ට බය වෙන්නේ කියලා. අපි නම ගෝඨාභය ට බය නෑ. අපි දන්නවා ඒ ගොල්ලෝ අතර තියෙන්නේ පවුල් වාදය කියලා. කුමාර වෙල්ගම මහත්තයාට කොන්දක් තියනවා ඒ පවුල්වාදයට එරෙහිව කතා කරන්න. මොකද අපිට කඩේ යාමක් නෙමෙයි කුමාර වෙල්ගම මහත්තයා කරන්නේ. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදියට එතුමාට පලපුරුද්ද තියනවා. මම දන්නේ නෑ එතුමාටත් ජනාධිපති සිහින තිබුණ ද කියලා ඒ නිසා තමයි එතුමා කතා කරන්නේ. අපිට බොහෝම පැහැදිළිව පේනවා මේ ජනාධිපති අපේක්ෂකත්වය හරහා මේ පොහොට්ටුව මේ ඒකාබද්ධ කල්ලිය විශාල අර්බුදයකට යනවා. ” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Nalin Bandara