ජනාධිපතිගේ ප්‍රකාශය ගැන ඉන්දියාවේ අවධානය….

0

ඉන්දිය රෝ (RAW) සංවිධානය තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දි ප්‍රකාශ කළ බව ඉන්දියානු පුවත් පතක් වන ‘ද හින්දු’ වාර්තා කරනවා.

එසේම මෙම කුමන්ත්‍රණය පිළිබඳව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි දැනුවත් ව නැති බවත් තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇති බවයි එම පුවත්පත පවසා සිටින්නේ.

කෙසේවෙතත් මෙම ප්‍රකාශ හරහා ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර පවතින සම්බන්ධතා සියල්ල උඩ යටිකුරු පෙරෙලෙන බවයි එම පුවත්පත පෙන්වා දෙන්නේ.