ජනපති වෙනුවෙන් අගමැති පෙරට…..RAW සමඟ සaජු සාකච්ඡා……

0

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දිය රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට කළ ඉහත ප්‍රකාශය ගැන ඉන්දිය ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අගමැතිවරයා තිරණය කර ඇත්තේ හෙටින් (19) ඇරඹෙන ඒ මහතාගේ ඉන්දීය සංචාරයේදීය.

ඉන්දිය සංචාරයේ න්‍යාය පත්‍රය මේ වන විට සකස් කර තිබුණද ශ්‍රී ලංකා ජනාධිපති ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් පවතින බවට පළවූ ප්‍රකාශය හේතුවෙන් ආරක්ෂක ප්‍රධානින් හමුවිමට අවශ්‍ය බවට විශේෂ ඉල්ලිමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විටත් ඉන්දිය රජය වෙත යොමු කර තිබේ.