ජනපති මුහුණ දීලා ඉන්නේ ජීවිත ඝාතනයෙන් එහා ගිය දේශපාලන චරිත ඝාතනයකට…

0

ජීවිත ඝාතනයෙන් එහාට ගිය දේශපාලන ඝාතන ක්‍රියාවලියකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව පැටලිවීමේ කුමන්ත්‍රණයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසනවා.

ඊයේ (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“හැබැයි පුදුමාකාර හදිස්සියකින් අගමැති රනිල් ඉන්දියාවෙන් වෙලාවක් ඉල්ලනවා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කරන්න වෙලාවක් දෙන්න කියලා. මේ නිසා තමයි කලබල වෙච්ච මෝදි අගමැතිතුමා ජනාධිපතිවරයා එක්ක දුරකතන සංවාදයකට එන්න ඇත්තේ. මේ මොකද්ද කරන්න හදන්නේ ඉන්දියාව එක්ක තියන සියළු සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා වලින් ජනාධිපතිතුමාව ඉවත් කරන එක. එහි තියෙන්නේ එකම අරමුණයි. එනම් ජීවිත ඝාතනයට එහා ගිය මෛත්‍රිපාල සිරිසේන දේශපාලනිකව ඝාතනය කිරීමේ දෙවැනි කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා කියලා තමයි මම දකින්නේ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

S. B. Dissanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here