ජනපති අගමැති විරසක කරන්නේ දෙන්නාගේ දෙපැත්තේ ඉදගෙන ඔලු කන උන්….!

0

ආණ්ඩුව තුළ අර්බුදයක් නිර්මාණය කිරීමක් කරනු ලබන්නේ දෙපාර්ශවයේ ම සිටින කඩාකප්පල්කාරින් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මිනුවන්ගොඩදි පැවති ජන හමුවක් අමතමින් සේනාරත්න අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“එදා අපි එලියට බැහැලා ආවේ අද වගේ මේ බලු පොර කරන්න නෙමෙයි . අද තමයි සමහරුන්ට රනිල් වික්‍රමසිංහ ව වැරදි වෙලා තියෙන්නේ. එදා ධාතු කරඩුව වගේ රනිල් වික්‍රමසිංහව වැඩැම්මෙවුවේ එලියට අපු අපි. මොකද රනිල් වික්‍රමසිංහ එදා අපිට සහයෝගය දුන්න නිසා තමයි අපිට සහයෝගය දිනා ගන්න පුළුවන් වුණේ. මොකද මේ සටනට ආපු සමහරුන්ට කිසිම ඇගේ අමාරුවක් තිබුණේ නෑ මේ සටනේ. එවගේම එදා යු එන් පී කට්ටියත් එදා ජනාධිපතිතුමා කරඩුව වගේ තමයි. එදා ඊට වඩා හොද අපේක්ෂකයෙක් හිටියේ නෑ. අද තමයි කට්ටියම පොර අල්ලන්නේ. අද මේ දෙපැත්තේම ඉන්නවා ඔලුවේ ඉන්න මැක්කෝ වගේ දෙන්නාගේම ඔලු කන උන්. උන් තමයි මේක විනාශ කරන්නේ. තවටික දවසක් බලලා අපි නම් කරනවා කවුද ද්‍රෝහින් කියලා. ” අමාත්‍යවරයා පවසා සිටියා.

Rajitha Senaratne