එජාපේ ප්ලෑන් කරන්නේ ජනාධිපති ඝාතනයට නෙමෙයි බලය නැති කරන්න

0

ජනාධිපතිට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව දැන් දැන් පැහැදිළි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසු දේව නානයක්කාර පවසනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජනාධිපතිතුමා නොකියු දෙයක් එතුමා කිව්වා කියලා ඉන්දියාවටත්, මහ කොමසාරිස් කාර්යාලයටත්, රෝ ඔත්තු සේවයටත් කිව්වේ කවුද? කිව්වා ඇමතිවරු කවුද ඒ ගැන තමයි අමරවීර කියන්නේ. ජනාධිපතිතුමා නොකියු කතාවක් එතුමා කිව්වා යැයි කියු විට එසේ නොකළ බව පිළිගත යුතු වුවත් හින්දු පත්‍රය මේ රටේ රාජ්‍ය නායකයා කිව්වා කියමින් සහතික කරමින් ක්‍රියාත්මක වීමට හින්දු පත්‍රයට තියන අයිතිය කුමක්ද කියන එක ප්‍රශ්නයක් මේ වෙලාවේ මතු වෙනවා. මේකෙන් තේරෙනවා ජනාධිපතිතුමාට විරුද්ධ එක්තරා විදියේ කුමණ්ත්‍රණයක් තියන බව. රෝ ඔත්තු සේවය සම්බන්ධව නෙමෙයි රනිල්ගේ බලය වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ අසීරු බව වැඩි කිරීමට ඉන්දියාව සම්බන්ධ කරගෙන කරන කුමන්ත්‍රණයක්.” මන්ත්‍රිවරයා පවසා සිටියා.