ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම රහස් පරීක්ෂක කි‍්‍රයාදාම ටෙලි නාට්‍ය මාලාව Crime Scene දැන් රූපවාහිනියේ

0

ශී‍්‍ර ලාංකීය ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන් එදා මෙදා තුර අත් නොදුටු ටෙලිවිෂන් අත්දැකීමක් ගෙන එන ක‍්‍රයිම් සීන් ශී‍්‍ර ලංකාවේ පළමු රහස් පරීක්‍ෂක කි‍්‍රයාදාම බහු කතා මාලාවයි.

සඳුදා සිට බ‍්‍රහස්පතින්දා තෙක් රාත‍්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන් මෙය විකාශය වේ. ඔක්තෝබර් 22 මෙය විකාශය වීම ඇරඹිණි.

බටහිර බහුකතා මාලාවල මෙරට පේ‍්‍රක්ෂකයන් ආසක්ත වන සටන් ජවනිකා, වාහන ලූහුබැඳීම්, පිපුරුම්, වෙඩි හුවමාරු දර්ශන වලින් සමන්විත ක‍්‍රයිම් සීන් නාට්‍ය මාලාව දිනපතා විකාශය වන නාට්‍යක් ලෙස නිර්මාණය කෙරේ. ලංකාවේ ප‍්‍රථම වරට කැමරා 6කින් පටිගත කෙරෙන මෙම නාට්‍ය මාලාව සදහා ගුවන් කැමරා තාක්ෂණය, Go Pro කැමරා තාක්ෂණය OSMO කැමරා තාක්ෂණය සමගින් නිෂ්පාදනය වේ. 4K FULL HD ගුණාත්මක රූප නිමාවකින් පටිගත කිරීම සිදුවන අතර අංග රචනය සදහා නවතම සිලිකන් හා ස්පේ‍්‍ර මෙකප් තාක්ෂණය භාවිත වේ. සාමාන්‍ය නාට්‍ය මාලාවන් වල නොමැති සටන් අධ්‍යක්ෂණ හා කි‍්‍රයාදාම ශිල්පින්ගේ එකතුවෙන් සිදුවන මෙම නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ලංකාවේ ජනපි‍්‍රය වාණිජ චිත‍්‍රපටයක් වන සුපර් සික්ස් අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට පිවිසි යු. ඒ. පල්ලියගුරු විසිනි. පැණිමකුළුවෝ, සාමා වැනි චිත‍්‍රපට නිෂ්පාදනයෙන් ද තුත්තිරි වැනි මෙගා ටෙලි නාට්‍ය තිර රචනයෙන් හා නිෂ්පාදනයෙන්ද තම

නිර්මාණකරණය පුළුල් පරාසයකට ගෙනගිය යූ. ඒ පල්ලියගුරු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ක‍්‍රියාදාම බහු කතා මාලාව අධ්‍යක්ෂණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here