‘වැසිකිලියට ගිහින් එළියට එනකොට අගමැති මාරු වෙලා‘ … මාළිගා කුමන්ත්‍රණයට අහුවෙන්න එපා

0

මාළිගා කුමන්ත්‍රණවලට අත්පුඩි නොගහා තමන්ගෙ අරමුණු වෙනුවෙන් දේශපාලන බලයක් පිහිටුවන්න සූදානම් වෙන්න යැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.එම පක්ෂයේ දුමිදු නාගමුව මාධ්‍ය හමුවක් කැදවමින් මෙ බව කියා සිටියා.

“මේ දේශපාලන තත්වය පෙළගැහෙිමන් තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවකට පෙළගැසෙමින් තිබෙන බවයි දැනගන්න ලැබෙන ආරංචි අනුව ප්‍රකාශ වෙන්නෙ. ඒ අනුව, බලමාරුවකට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමේ ක්‍රියාදාමයක් දැනට සිදුවෙමින් තිබෙන බව පැහැදිලියි. මේ ගැන කතා කරන්න කලින් අපට මේ තත්වයට අදාළව පසුගිය දේශපාලන පෙළගැස්ම පිළිබද කතා කරන්න වෙනවා.

2015 ජනාධිපතිවරණය කැදවන විට මේ රටේ දේශපාලන පෙළ ගැසීම්වලින් පටන් ගත්තොත් රාජපක්ෂවාදී පාර්ශ්වය ඉදිරිපත්කරපු ප්‍රධාන කරුණු දෙකක් තිබුණා. එකක් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස එල්ටීටීඊයේ නැවත නැගිටීමක් වෙන්න පුලුවන්. ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න රාජපක්ෂට ඡන්දය දෙන්න කිව්වා. ඒ වගේම ආර්ථිකය ගොඩනගමින් තිබෙන නිසා ඒ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යන්න රාජපක්ෂට ඡන්දය දෙන්න කිව්වා.

අනෙක් පාර්ශ්වයෙන් මෛත්‍රිපාල සිරිනෙ ඉදිරිපත් වුණු එක්සත් ජාතික පක්ෂය අතුළු කණ්ඩායම කිව්වෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට රැගෙන ගොස් තිබෙන නිසා නැවත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඡන්දය දෙන්න. ඒ වගේම රාජපක්ෂ පාලනය විසින් විශාල වංචා දූෂණ ප්‍රමාණයක් සිදුකරමින් තිබෙන නිසා එම තත්වය වහාම නැවැත්වීමට ඡන්දය දෙන්න කිව්වා. මේ කාරණා අප විශේෂයෙන් සිහිපත් කරන්නෙ, මේ කිසිවක් අමතක කරලා මේ දේශපාලන පෙළගැසීම් ගැන කතා කරන්න බෑ.

ඒ වගේම අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් කිව්වෙ රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නිසා එය පරාජය කළ යුතු බව අපිත් පිළිගන්නවා. ඒ වගේම වංචා දූෂණ විශාල වශයෙන් පවතින නිසා එය වහා නතර කළ යුතු බව අපි පිළිගනිමින් කිව්වෙ, මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ. ඒ වගේම වංචා දූෂණ නවත්වන්න මේ අය බලයට ගෙනල්ලා බෑ, ඒ හොරු වෙනුවට මේ හොරු බලයට පත්වෙන්න යන්නෙ කියලා අපි කිව්වෙ. අපි එදා පැහැදිලිව කිව්වා, මේ මහින්ද පරාජය කරලා වෙන මහින්ද කෙනේ බලයට එන්න පුලුවන්, එහෙම නැත්නම් වෙනත් වටයකින් පරණ මහින්දම බලයට එන්න ඉඩ තියෙන ක්‍රියාවලියක තමයි ගමන් කරමින් තිබෙන්න කියලා.

එදා අපි මහින්ද රාජපක්ෂ කියන දේශපාලනය තේරුම් කළේ පුද්ගලයකු විදියටවත් ඔහුට විරුද්ධව, ප්‍රජාතන්ත විරෝධී බව සහ වංචා දූෂණ ගැන කියපු සරල කාරණා මතවත් නෙවෙයි. 1977 ගෙනාව නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවල මීළග තීරණාත්මක පියවර තමයි රාජපක්ෂ තියමින් හිටියෙ. යුද්ධය අවසන් කළා කියලා එයා ගෙනාවෙ ඒ ආර්ථික වැඩපිළිවෙළ වෙනත් වටයකින් ඉදිරියට ගැනීම බව අපි කිවිවා. රටේ සම්පත් විකුණන බවට හවුල් ආණ්ඩුවට පහුගිය කාලෙ චෝදනා කළ මහින්දම එයාගෙ කාලෙ රටේ සම්පත් විකුණමින් හිටියා. ඒ විතරක් නෙවෙයි, කම්කරු මර්දනයට නීති ගෙන එමින්, වැඩකරන ජනතා අයිතිවාසිකම් කප්පාදු කරමින් හිටියා, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් අරමුදල් කොල්ල කන්න කටයුතු කළා, ජල පනතක් මගින් ජල සම්පත් වෙළදභාණ්ඩකරණයට, සීපා ගිවිසුම අත්සන් කරන්න සූදානමින් හිටියා. මැතිවරණයක් කලින් කැදවුවෙ මහින්ද දැනගෙන හිටියා ගත්ත ණය නිසා ආර්ථික අර්බුදයක වැටෙමින් තිබෙනවා. ජනාධිපතිවරණය නියමිත කාලයට තියන්න ගියොත් අවාසියි, කලින් කැදවලා ජයග්‍රහණය කළොත් මිනිස්සු තළාගෙන පොඩිකරගෙන යන්න පුලුවන් කියලා හිතුවා. හැබැයි ඒ ජනාධිපතිවරණයෙන් බලය මාරු වුණා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේකෂකයා ලෙස කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරනවා කිව්වා. වංචා දූෂණ සම්පූර්ණයෙන් නවත්වනවා කිව්වා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බව කියලා ඒක තියාගෙන දවසක්වත් ජීවත් වෙන්න බෑ කියපු කට්ටියක් හිටියා. අපි දැන් හොයන්නෙ ඒ කියපු කට්ටිය දැන් කෝ කියලා. මේ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොඩක් කතා කියලා ආවට දැන් පෝලිමේ එන්න තියෙනවා නීති කිහිපයක්. මෑතකදි මේ අය ගෙනාව ප්‍රති-ත්‍රස්ත පනතෙන් කරන්න හදන්නෙ මොකක්ද? ඒකෙ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒකෙ ත්‍රස්තවාදය කියන අර්ථය පුලු් කරලා ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයට, වැඩවර්ජනවලට, විරුද්ධ අදහස් දරන අයගෙ ක්‍රියාතාරිත්වය මර්දනය කරන්න ප්‍රතිපාදන තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ වන අය මර්දනයට, කොටින්ම මාධ්‍ය ආයතනවලට සමහර ස්ථානවලට ඇතුළුවෙන්න තියෙන ඉඩකඩ අහේසි කරන්න තමයි ත්‍රස්ත පනත ගෙනාවෙ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආක්ෂා කරන්නනෙවෙයි, තියෙන අයිතිවාසිකම් පවා අහුරන ප්‍රතිසංස්කරණ ගෙනාවෙ. අනෙක් එක වංචා දූෂණ අහෝසි කරන්න ආව අය ගැන වෙන මොකවත් කියන්න ඕන නෑ, මහබැංකුවෙ සිදුවුණ මහා වංචාවම ඇති.

දැන් විශාල මහජන මතයක් ගෙනත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආවම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා, වංචා දූෂණ නවතිනවා කියපු මේ කාර්යට අතගහපු කපුකම කරපු පිරිසක් හිටියා. ජනවාරි 8 මෛත්‍රිපාල සිරිසේන බලයට ආවෙ එක්සත් ජාතික පක්ෂයේ තනි හැකියාවට නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණ පක්ෂයි, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ පස්ස දොරෙන් කළ කාර්ය, ඊළගට මේ කපුකම කරන්හන ආව සිවිල් සමාජ කට්ගටි මේ කාර්යයයට සම්බන්ධ වුණා. මෛත්‍රිපාල සිරිසේන හරහා මේ සේරම වංචා දූෂන නවත්වන්න පුලුවන් කිව්වා, රාජපක්ෂලා අරාබි බැංකුවල දාලා තියෙන ධනය නැවත ගේනවා, ඔවුන්ට දඩුවම් දෙනවා කිව්වට ඒ මොකක්වත් වෙලා නෑ. නමුත් දැන් වෙලා තියෙන්නෙ මොකක්ද? ජනවාරි 8 වෙනිදායින් පස්සෙ හොද කළමනාකරනයක් සිදුවුණා. එක පැත්තකින් රාජපක්ෂ කදවුරට එරෙහිව දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ එයාගෙ දේශපාලන බල ව්‍යාපෘතිය සදහා රාජපක්ෂ ආරක්ෂා කළා. ඊයෙ දිවුරුම් දෙන තෙක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව රාජපක්ෂලට ලැබුණා. ඒ නිසා තමයි ඔවුන් සම්බන්ධව චෝදනාවලට කිසිවක් කරන්න බැරි වුණේ. අනෙක් පැත්තෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂා කළේ ශ්‍රී.ල.නි.ප හරහා තමන්ගෙ බලය පුලුල් කරගන්න මහින්ද රාජපක්ෂ එක්ක මොකද කරන්නෙ කියන එකයි. ඒ නිසා දැන් කාගෙ බලාපොරොත්තුවද ඉෂ්ට කරගන්න බැරි වුණේ?

වංචා දූෂණවල මුදල් රටට ලැබෙන්න ඕන, මහජනයාගෙ බදු මුදල් හොරකම් කරලා විදේශ ගිනුම්වල තියෙනවා නම් නැවත ගෙන්වා ගන්න ඕන කියලා විශ්වාස කරපු අයට කොකා පෙන්වලා තමයි මේ දෙන්නම රාජපක්ෂ එක්ක දේශපාලන ගනුදෙනු බේරාගත්තෙ. රනිල් විසින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප. තනි බලයක් හිමිකරගන්න එක වළක්වන්න රාජපක්ෂ ආරක්ෂා කළා, ශ්‍රී.ල.නි.ප. බලය මහින්ද රාජපක්ෂ වටා ගොනුවෙද්දි ඒ බලය කොහොමද මගෙ ළගට ගන්නෙ කියන ප්‍රශ්නය ඔවුන්ට තිබුණේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයට 2020 ජනාධිපතිවරණයට යනවා නම්, කරන්න තිබුණෙ එක්කො රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතික පක්ෂය සමග ඉන්න වෙනවා. නැත්නම් මහින්ද රාජපක්ෂ සමග යන්න වෙනවා. එයා බලමින් හිටියෙ ඒ කාරණය කරගන්නෙ කොහොමද කියලා. රාජපක්ෂ හොරකම් කළා කියපු මේ දේනම රාජපක්ෂ ආරක්ෂා කරන්න කටයුතු කළා. වංචා දූෂණ ගැන කාව වැහුවා. අන්තිමට වංචා දූෂණ චෝදනා මේ ආණ්ඩුටම කැරකුණා. මේ ආකාරයට අන්තමට ඊයෙ රාත්‍රි මොනවද වෙලා තියෙන්නෙ.

ඊයෙ සමහර තරුණයො මේ මාළිගා කුමන්ත්‍රණය ගැන අදහස් දක්වලා තිබුණේ ‘වැසිකිලියට ගිහින් එළියට එනකොට අගමැති මාරු වෙලා‘ කියන ආකාරයටයි. මහජන පරමාධිපත්‍ය ගැන මේ අය තමයි ගොඩක් කතා කිව්වෙ. හැබැයි ජනතාව දන්නෙ නෑ මේ වෙන්නෙ මොකක්ද කියලා. ඒ මහජනතාවගේ දැනුවත්වීම ගැන නෙවෙයි, මේ බලය හුවමාරු කරන අයගෙ පළාත්පාලන මට්ටමේ මන්ත්‍රිවරු, සමහර විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුවත් මේ සිදුවීම ගැන දැනගෙන හිටියෙ නෑ. මහජනයා දන්නෙ නැතිව සිදුවන මාළිගා කුමන්ත්‍රණවලින් සිදුවෙන්නෙ බල සූදුව ක්‍රියාකාරි වීමයි. අපි පැහැදිලිව අවධාරනය කළා, 2015 කළේ මොකක්ද, රනිල් වික්‍රමසිංහට විරුද්ධ විශ්වාසභංගය ගෙනාවෙ බල සූදුව නිසා, ඊයෙ සිදුවු බලමාරුව පිටුපස තියෙන්නෙත් බල සූදුව. මහජනයා මේවට සම්බන්ධ නෑ, දන්නෙත් නෑ.

මහජනතාවට මේ ගැන අවධාරනය කරන්න තියෙන්නෙ ඔවුන්ගෙ ප්‍රශ්නය ගැනයි. දැන් මේ බලමාරුවෙන් ඒවා විසදන්නෙ නෑ. 2015දි මේ රටේ ජනතාව පීඩා විදපු ප්‍රශ්නවලට උත්තර හොයන්නනෙ හවුල් ආණ්ඩුව පිහිටුවනවා තිව්වෙ. ඒ මොකටවත් පිළිතුරු ලැබුණෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිවීමෙන්, රාජපක්ෂගෙ ආර්ථික ප්‍රතිපත්ති නිසා ජීවත්වීම අමාරු වූ ජනයා, වංචා දූෂණ නිසා කලකිරුනු ජනයා හිතුවා ජනවාරි 8 වැනිදා ඒවා වෙනස් කරනවා කියලා. දැන් පහුගිය කාලෙ හවුල් ආණ්ඩුවෙන් අත්සන් කළ සිංගප්පූරු ගිවිසුම, බදුබර වැඩිවීම, බැදුම්කර වංචාව, ප්‍රති ත්‍රස්ත පනත ගැන, රාජ්‍ය දේපළ විකුණා දැමීමට, තෙල් මිල ඉහළ දැමීම, වැටුප් වැඩි නොවීම වැනි විරෝධයක් ගොඩනැගී තියෙනවා. දැන් වතු ජනතාව වැටුප් වැඩිකිරීමක් ඉල්ලලා පාරට බැහැලා ඉන්නෙ. ඒවා තමයි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න.

නමුත් වෙන්නෙ මොකක්ද? පාසලේ මුදල් අයකිරීම, රෝහල්වල මුදල් අය කරනකොට, වෛද්‍ය පරීක්ෂණවලට ගෙවනකොට පීඩාව දැනෙනව, බදු වැඩිකරන කොට, දඩ ගහනකොට පීඩාව දැණුනා, මාසෙ පඩියෙන් බිල් ගෙවලා සොච්චමක් ඉතිරි වෙනකොට ප්‍රශ්නය දැනෙනවා. තමන් වැඩ කරන රාජ්‍ය ආයතනය විකුණනකොට පීඩාව දැනෙනවා. මහදවාලෙ ජනතාවට මේ ඔක්කොම දැනෙනවා. ඒත් රෑට මේ රටේ පාලකයන් ජනමාධ්‍ය පාවිච්චි කරලා වෙන පැත්තකට ඔවුන් ගෙන යනවා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් තත්වයක් තියෙන්නෙ. ජනතාව එක භාෂාවකින් තමන්ගෙ ප්‍රශ්න කතා කරනවා. හැබැයි දේශපාලකයො තව භාෂාවකින් උත්තර දෙනවා, ප්‍රශ්නයට උත්තර නෑ, පස්සෙ වෙන වෙන උත්තර හදනවා. මේක මාළිගා ක්‍රමන්ත්‍රණයක් කියලා අපි කියන්නෙ ඒ නිසයි. මහජනයාගෙ අභිලාෂයන් මේ බලමාරුකිරීම්වලින් ලැබෙන්නෙ නෑ. නමුත් මහජනතාවට ඒක එහෙම වෙනවා කියලා ඒත්තු ගන්න්න හදනවා. දැන් සමහු රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්න පෙළ ගැහෙන්න කියනවා. ඒ වික්‍රමසිංහ ආරක්ෂා කරනවා කියන්නෙ මේ රටේ සම්පත් විකුණන, වංචනිකයන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක්. අනෙක් පැත්තෙන් මහින්දලා වෙනුවෙන් පෙනී සිටින්න එන්න කියුවම ඒ අය රනිල් ගෙන ගිය ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යන්නෙ. බලයට ආවා කියන අය රනිල් ගෙන ගිය රාජ්‍ය දේපළ විකිණීම නතර කරනවද? සිංගප්පූරු ගිවිසුම ගැන බන්දුල ගුණවර්ධන දිනපතා මාධ්‍ය සාකච්ඡා තියලා දත් මිටි කෑවනෙ. දැන් මොකද ඒ ගිවිසුම ගැන කියන්නෙ? බැදුම්කර වංචාවට මොකක්ද වෙන්නෙ? ප්‍රති-ත්‍රස්ත පනතට මොකද වෙන්නෙ. අපි කියනවා මේව කිසිම වෙනසක් නැතිව ඉදිරියට යනවා.

දැනට පොඩ්ඩක් පමා කරලා පසුවට මේවම තමයි මේ අයත් ක්‍රියාත්මක කරන්නෙ. මොකද මේ මාළිගා කුමන්ත්‍රණ හරහා සිදුවෙන්නෙ, දේශපාලන බල සූදුවක්. ඒ බලසූදුවෙ එක එක කොළය ඉදිරියට දානවා. ශ්‍රීල.නි.ප. අය හිතනවා, මහින්ද ආවා, දැන් අපේ ප්‍රශ්න විසදෙයි කියලා. එ.ජා.ප. අය හිතනවා රනිල් වික්‍රමසිංහ පරාජය වෙලා, දැන් ප්‍රශ්නය විසදන්න සජිත්ව ඉස්සරහට ගන්න ඕන කියලා. මේ කාගෙවත් ප්‍රශ්නවලට එහෙම උථ්තර ලැබෙන්නෙ නෑ. මොකද මේ මාළිගා කුමන්ත්‍රණවලන් විසදුම් ලැබෙන්නෙ මාළිගාවල ඉන්න අයට මිස සාමාන්‍ය ජනතාවට නෙවෙයි. අපි කියන්නෙ මේ රටේ හැමදාම රැවටෙන ජනතාව සූදානම් වියයුතුයි දැවැන්ත මහජන අරගලයක් හරහා තමන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. මේ රටේ, ගොවිජනතාව, කම්කරුවො, ශිෂ්‍යයො, වෘත්තිකයො තමන්ගෙ ප්‍රශ්න විසදගන්න පහුගිය කාලෙ මොන මට්ටමෙන් හරි පෙළ ගැසුණා නම්, ඒ අයගෙ ප්‍රශ්නවලට දැන් විසදුම් ලැබෙයි කියලා හිතන්න එපා. ‘දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා‘ කියලා කියමනත් තියෙනවා. අපි කම්කරු පන්තියට, වැඩ කරන ජනතාවට සාමාන්‍ය ජනයාට අපි කියන්නෙ මේ අය ප්‍රශ්න විසදන තුරු බලාගෙන ඉන්න එපා, බලය ලබාගත්තම ප්‍රශ්න විසදන බව විශ්වාස කරන්න එපා. ප්‍රශ්න විසදාගන්න සංවිධානාත්මකව පෙරට එන්න. මොකද මේ අයට ඉදිරියේ ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට විසදුම් නෑ. රනිල් නෙවෙයි, රනිල්ගෙ ලොකු අප්පච්චි ආවත්, මහින්දගෙ ලොකු අප්පච්චි ආවත් විසදුම් දෙන්න බැරි අර්බුදයක් පෙළ ගැහෙමින් තිබෙනවා. මේ අවුරුද්දෙ ගෙවන්න තියෙන ණය වාරික ඩොලර් බිලියන 1.9යි, ලබන අවුරුද්දෙ ‍ඩොලර් බිලියන 3.9යි. ඒ අර්බුදයෙදි පීඩාවට පත් වෙන්නෙ පාලකයන් නෙවෙයි, ආණ්ඩුවෙ හිටියත් විපක්ෂයෙ හිටියත් ඔවුන්ට කිසිම පීඩාවක් නෑ, සාමාන්‍ය ජනතාව තමයි ආර්ථික පීඩාවට කෙලින්ම ගොදුරුවෙන්න‍ෙ. කවුරු ආවත් මේ රටේ ජනතාවට තමයි මේවා ගවෙන්න වෙන්නෙ. ජාතික සම්පත් ගැන, ජාතික ආර්ථිකය ගැන මොන කයිවාරු ගැහුවත් දැන් වෙලා තියෙන්නෙ ඉතිරි ජාතික සම්පත් විකුණන්න. වෙන උත්තරයක් මේ අයට නෑ.

දැන් රනිල් වික්‍රමසිංහ කියනවා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරක කියලා. ඒ අයට ප්‍රශ්නය එනකොට ගොඩක් අමාරුයි, පහුගිය කාලෙ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරනකොට ඒ පීඩාව රනිල්ලට දැනුනෙ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව සම්බන්ධ ප්‍රශ්නය බේරාගන්නෙ මෙහෙමනං, මේ රටේ ජනමාධ්‍ය නිදහස ගැන, දේශපාලන අයිතිවාසිකම් ගැන, වෘත්තිය අයිතිවාසිකම් ගැන අත තියන එක මහ වැඩක් නෙවෙයි. ඒ අයමවර්ණනා කරන රාමු කඩනවා, තව පිරිසක් අඩනවා, ආපහු වෙන්නෙත් ඒක. හැබැයි මේ කතාවෙන් සාමාන්‍ය ජනතාවට නම් කිසිදු වාසිදායක තත්වයක් උදා වෙන්නෙ නෑ. මෛත්‍රිපාල ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂලා එකතු වෙලා ශ්‍රිල.නි.ප. ආණ්ඩුවක් හදනවා කිව්වට දැන් අන්තර්වාර පාලන ආණ්ඩුවක් ගොඩනගනවා කියනවා. ඒ කියන්නෙ මේ අයගෙ බල ක්‍රීඩා තවම අවසන්නෑ. රනිල් වික්‍රමසිංහ කියනවා තමන් අගමැති කියලා. නමුත් ජනාධිපතිවරයා කියනවා මහින්ද අගමැති කියලා. ඒ නිසා මේ දේශපාලන අර්බුදය අවසන් වෙන්නෙ නෑ. ඒ වගේම ඒ අයගෙ කුලල් කාගැනීම් පෙන්වමින් රටේ ජනතාව අන්දන එකත් වෙනසක් වෙන්නෙ නෑ. අපි ජනතාවට අවධාරනය කරන්නෙ මේ බල සූදුව ගැන අපි කළිනුත් කතා කළා . මේ සිදුවන දෙයින් දේශපාලන අස්ථාවරත්වය දිගටම පවතින්න පුලුවන්. හැබැයි මර්දනය, අයිතිවාසිකම් උල්ලංඝනය දිගටම සිදු වෙනවා.

දැන් මේ රටේ දිගටම වෙන්නෙ රෑ නිදාගෙන උදේ නැගිටින කොට තෙල් මිල වැඩි වෙලා, දේශපාලනය තුළත් ඒකම සිදුවෙමින් තිබෙනවා. එක දවසක් රෑ නිදාගෙන නැගිටිනකොට අගමැති මාරු වෙලා. ඊළග දවසෙ ජනාධිපති මාරු වෙයිද දන්නතේ නෑ. මේ එක විදියකට විගඩමක්. ඊයෙ රාත්‍රි අපි දැක්කා විමල් වීරවංශ ජනාධිපතිවරයා ගැන කියනවා, අතිගරු ජනාධිපති කියලා. මංගල සමරවීර කිනවා වෙනත් වචනයක්. අතිගරු ජනාධිපති කියපු මංගල දැන් වෙනස් වචන පාවිච්චි කරනවා, සිරිසේන, සිරිසේන කියපු වීරවංශ දැන් අතිගරු ජනාධිපතිතුමා කියනවා. මෙන්න මේකෙ තේරුම් ගන්න දෙයක් තියෙනවා. මේ අයට කිසිම වෙනසක් නැතිව වචන මාර කරන්න පුලුවන්. ප්‍රතිපත්තිමය කාරණාවක්වත් මෙතන නෑ. බලය මාරු කරගැනීමේ ප්‍රශ්නය විතරයි මේ අයට තියෙන්නෙ. කවදාවත් මේ අය කියන්නෙ නෑ, මහජනයාගෙ අහවල් අහවල් ප්‍රශ්න වෙනුවෙන් අපි මේ හැප්පෙන්නෙ කියලා. මගේ ඊළග තැන, ඇමතිකම මොකක්ද? මට නැතිවුණ බලය ගන්නෙ කොහොමද? හොරකම් කරන්නෙ කොහොමද කියලා දෙයක් නෑ. මේ අය එක එකදේවල් කියයි. නමුත් ඒවා විශ්වාස කරන්න පා. මේ අය එක එක අවස්ථාවල කියපු දේවල් ජනතාවට අමතක වුණාට අපට මතකයි. ජනතාවට ඇති ඒ අමතකවන අසනීපයට දැන් උත්තරයකුත් ලබිලා තියෙනවා.

ඒ නිසා දැන්වත් මේ මාළිගා කුමන්ත්‍රණවලට අත්පුඩි ගහන්න එපා, තමන්ගෙ අරමුණු වෙනුවෙන් දේශපාලන බලයක් පිහිටුවන්න සූදානම් වෙන්න කියලා අපි කියනවා. “