රාජපක්ෂ මැර බලය සක්‍රිය වේ……අර්ජුනට මැර ප්‍රහාරයක්……..!

2

හිටපු ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග වෙත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද (28) පස්වරුවේ අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මුලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

අමාත්‍යවරයා සිය ආරක්ෂක අංශය සමඟ එම අමාත්‍යංශ ගොඩනැගිල්ලිට ඇතුළු වීමට උත්සහ දැරීමේදි එහි ලොබියේ සිටි නාගරික මන්ත්‍රිවරයෙක් යැයි කියා ගත් අයෙකු අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි ප්‍රවේශ වීම නවත්වා ඇති අතර එහිදි අර්ජුනගේ ආරක්ෂකයින් ඔහු පසෙකට කිරීමට උත්සහ ගෙන ඇත. ඒ සමඟ පොලු මුගුරු සහිත මැර පිරිසක් පැමිණ අරජුන වෙත ප්‍රභල ප්‍රහාරයක් එල්ල කර ඇති අතරම ඇති වූ කලහකාරී තත්ත්වය සමනය කිරීමට ප්‍රභූ ආරක්ෂක අංශය බිමට වෙඩි තබා තිබේ.

පසුව අමාත්‍යවරයාගේ ජීවිතය බේර ගැනීම සඳහා මේ වන විට අමාත්‍යංශ කාමරයක රඳවා ඇති අතර පහර දුන් මැර පිරිස තවමත් අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉදිරියේ රැදි සිටින බවයි වාර්තා වෙන්නේ.