ව්‍යවස්ථාව උල්ලංඝනය කරන හැමෝටම දඩුවම් දෙනවා……!

0

නීත්‍යනුකූල සහ ව්‍යවස්ථානුකූල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යයන්ට සහ කර්තව්‍යයන්ට බාධා කරන සියලු දෙනාට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක පවසනවා.

අද (28) අරලියගහ මන්දිරයේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ව්‍යවස්ථාවට අනුව පත් වෙච්ච අගමැති, පාර්ලිමේන්තුව තුළ බහුතරය තියන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන වෙලාවට බාධාකරන අයට අපි කියන්නේ එහෙම බාධා කරන්න එපා කියලා. ජනතාව වෙනුවෙන් කරන වැඩ ටික කරගෙන යන්න දෙන්න. මොකද මේ ප්‍රශ්නය අවසන් වුනාට පස්සේ ඒ බාධා පමුණුවපු සියළු දෙනාට රටේ නීතියට අනුව අපි කටයුතු කරනවා. නීතියට අනුව දඩුවම් දෙනවා.”

“පාර්ලිමේන්තුව කැදවලා පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන්න අපිට අවස්ථාව දෙන්න කියලා අපි කතා නායකට ලියලා ඉල්ලුවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒක කරන්න අයිතිය ජනාධිපතිතුමාට තිබ්බාට ඒක සම්ප්‍රදායට එකඟ නෑ. බහුතර සංඛ්‍යාව නෑ කියලා ඒ කණ්ඩායමට තව කල් ගන්න තමයි මේ වැඩ ටික කරලා තියෙන්නේ. මේක මහ ලැජ්ජා නැති වැඩක්.” මන්ත්‍රිවරයා පවසා සිටියා.