එජාපය අතහැර යන්නේ නෑ… මජර ආණ්ඩුවේ අංක විජ්ජාවට කෙලවේ

0

තමාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක පවසයි.අද (28) රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා 2030 වනතුරු එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැදී සිටීමට ගත් තීරණය පසෙකලා මෙම අවස්ථාව උපයෝගී කර ගෙන පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට හෝ කරූ ජයසූරිය මහතාට පැවරුව හොත් තමන් මෙන්ම පාක්ෂිකයන් ද , රටේ මධ්‍යස්ථ ජනතාව ද යළිත් පක්ෂය වටා එක් රොක් වනු ඇති බව අමාත්‍ය වසන්ත සේනානායක කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී අද සවස කියා සිටියා.

තමන්ට මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වීමට නම් කොන්දේසි තුනක් ඉටු විය යුතු බවත් පළමුව තමන්ට මහින්ද පාර්ශවයෙන් ආරාධනාවක් සිදු කළ යුතු බවත් , දැනටමත් තමන්ට එසේ සිදු කර ඇත් ද යන්න පිළිබඳව තවමත් තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා සදහන් කළා.

“මට පොළොන්නරුව ජනතාවට සේවය කිරීම සඳහා සුදුසු තනතුරක් අවශ්‍යයි. ” බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා තුන් වෙනුව පොළොන්නරුවේ තම ජන්ද දායකයින්ගේ අවසරය ද ඒ සදහා අවශ්‍ය බවත් පැවසීය .

පැවති යහපාලන රජය තමන්ට නිසි පරිදි නොසැලකූ බවත් , තමන්ගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අදාළ විෂයන් තවමත් ගැසට් කර නොමැති බවත් පැවසීය . කෙසේ වෙතත් තමන් වර්තමාන දේශපාලන තත්ත්වය දැන ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස , කරූ ජයසූරිය , රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද හමු වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය .