ඒකාධිපති මෛත්‍රී, චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මෙන්න සාක්ෂී

0

සභාග ආණ්ඩුව බිඳ වැටීම යන කාරණය මත අගමැති ධුරය හෝ කැබිනට් මණ්ඩලය අහෝසි නොවන බව ආචාර්ය ජනාධිපති නීතිඥ ජයම්පතී වික‍්‍රමරත්න පෙන්වා දෙනවා.අද (28)දහවල් රාජගිරියේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ මාධය හමුවේදී අදහස් දක්වමින් අචාර්‍යවරයා සදහන් කළේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් එවැනි බලයක් ජනපතිට නැති බවයි.

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීම හවුල් ආණ්ඩුව පිිහටුවීමට පෙර සිදුකළ කටයුත්තක් බවත් ඊට සමගාමීව පත්කළ කැබිනට් මණ්ඩලය සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් සමන්විත වූ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න අවධාරණය කළේ ඒ අනුව සභාග ආණ්ඩුව බිඳ වැටීම යන කාරණය මත අගමැති ධුරය හෝ කැබිනට් මණ්ඩලය අහෝසි නොවන බවය.

සභාග ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු ඇමැති මණ්ඩලය 30 කට සීමා වීම සිදුවන බවත් එහිදී එම තිස් දෙනා තෝරාගැනීම අගමැතිවරයා විසින් කළ යුතුව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පෞද්ගලික රුචි අරුචිකම් මත අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ නොහැකි බවද, කැබිනට් මණ්ඩලය විසුරුවා හළ නොහැකි බවද පැවසූ වික‍්‍රමරත්න තවදුරටත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ධුරය පෙරසේම වලංගු බවද කීවේය.

සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත්, ඒ මත පදනම් ඉන් පසුව සිදුවූ සෙසු සියලූ පත් කිරීම් යනාදියත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව සිදු කොට ඇති ක‍්‍රියාවන් නිසා චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මත සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇතුළත් බවද පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ බලතල වැඩි වී ඇති බවත්, රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම හැක්කේ පාර්ලිමේන්තුවේ විශ්වාසය විමසීමෙන් බවත් පෙන්වා දුන් වික‍්‍රමරත්න ඒ සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක්ද කළේය.

ආචාර්ය ජනාධිපති නීතිඥ ජයම්පතී වික‍්‍රමරත්න විග්‍රහය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here