පාර්ලිමේන්තුව වහාම කැඳවන්න … විපක්ෂ නායක කතානායකට ලියයි….

0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීම සහ පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හඳුනා ගනිමින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කතානායක කරු ජයසූරියට ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා.

අද (28) පස්වරුවේ විපක්ෂ නායකවරයා කතානායක කරු ජයසූරියට ලිපියක් යවමින් සදහන් කර ඇත්තේ

“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හඳුනා ගනිමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට එහි නීත්‍යනුකූල කටයුතු කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා”.

මේ අතර රනිල් වික්‍රමසිංහට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ කළ සාකච්ජා ධනාත්මක බව අද (28) අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමට බොහෝ පරිසක් සිටිනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සභා නායකවරයා පවසා ඇත්තේ

“ගිය අය ඔක්කෝම අපහු එනවා. සමහරු ගියේ සුභ පතන්න” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here