මහින්දට බහුතරයක් නෑ .. වඩිවේල් සුරේෂ් අරලියගහ මන්දිරයට

0

මෛත්‍රී සතුව බහුතර බලයක් නොමැති නිසා සහය දිම අතහැර දැමු බව පසුගියදා මහින්ද රාජපක්ෂට සහය පල කිරීමට එකතු වු එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යලිත් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙමින් පවස සිටි.

පෙරේදා පෙරවරුවේදී මහින්ද රාජපක්ෂ මුණගැසී වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා සහය දිමට කැමත්ත පල කල බව මහින්දගේ පෞද්ගලික ලේකම් යැයි කියන උදිත් ලොකුබණ්ඩාර මාධ්‍ය හමුවේ සදහන් කර තිබේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ සමග කල සාකච්ඡාවේදි බහුතරය සම්බන්ධයෙන් මෛත්‍රී-මහින්ද අතර අර්බුදයක් හටගෙන ඇති බවත් බහුතරය නොමැති කණ්ඩායමක් සමග එකතු විමට තමන් සුදානම් නැති බවත් වඩිවේල් සුරේෂ් රනිල් වික්‍රමසිංහ හමුවේ සදහන් කර තිබේ.

මේ වනවිට වඩිවේල් සුරේෂ් අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්ව සිටි.