ඒකාධිපති සිරිසේන ජාත්‍යන්තරයේ සතේට වැටේ… දැන්වත් පාර්ලිමේන්තුව වහාම කැදවනු!

0

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පවසනවා.

ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් අතර ඇති වු සංවාදයක් අතර තුරදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ තා පිළිගන්නා බවත් සදහන් කර තිබේ.

ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේනට මේ පිළිබඳ අවධාරණය කර සිටින බවත් මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත් සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් වරයා කියා සිටියේ,ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ කතා කරන විට මෙම කරුණු ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටින බවත් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවයි.

මේ අතර කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවධාරණය කරන බව එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

“ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය මම සමීපව නිරීක්ෂණය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවත්වාගෙන යන ලෙසත් අදාළ දේශපාලන හා නෛතික ක්‍රියාවලියට අනුව කටයුතු කරන ලෙසත් මම සියලු පාර්ශ්ව වලින් නැවත වරක් ඉල්ලා සිටිනවා.

කතානායකවරයා සමඟ කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරනවා. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන්ට ඔවුන්ගේ හඬ නැගීමට අවස්ථාව ලැබෙනවා.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ මිත්‍රයකු ලෙස ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් , ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාව සමඟ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කරන බව ද කිව යුතුය”.

එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබේ.

FCO Minister for Asia and the Pacific Mark Field concerned by ongoing political developments in Sri Lanka.

Minister for Asia and the Pacific Mark Field said:

I am concerned by ongoing political developments in Sri Lanka and am following this fast-moving situation closely. Once again, I call upon all parties to uphold the constitution and due political and legal process.

I urge President Sirisena, in consultation with the Speaker, to reconvene the parliament immediately in order to give the democratically elected representatives of the Sri Lankan people their voice at this time.

The UK, as a friend of Sri Lanka, remains committed to working with international partners and alongside the Sri Lankan government and people to support democracy, human rights, and reconciliation.