අපි ගියේ මන්ත්‍රී මහින්ද හමුවෙන්න …. TNA,මහින්ද හමුව ගැන බොරු කියු අයට සුමන්දිරන්ගෙන් කනේ පහරක්!(Video)

0

ද්‍රවිධ ජාතික සන්ධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවුයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේ සලකා බවත් ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස දෙන ලද පත්වීම නීති විරෝධී බව විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මුණගැසී පැවසු බව දෙමළ ජාතික සන්ධාන (TNA) මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයට කරන ලද ආරාධනය ප්‍රතික්ෂේප කළ විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ හමුවීමට කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවෙසට ගිය බවත් එහිදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සුමන්දිරන් මන්ත්‍රීවරයා තරයේ කියා සිටියා.

“පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් විතරයි අපි එයාව හමුවුනේ… ඔබතුමා පත් කරපු ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි…” යනුවෙන් මුහුණටම පවසා තිබේ.

පාර්ලිමේන්තුව නැවත කැඳවූ විට අගමැති ධුරය සම්බන්ධයෙන් TNA ඡන්දය පාවිච්චි කිරීමේදී ජනාධිපතිවරයා අගමැති ධුරය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය “දැඩි ලෙස බලපානු” ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය.

“අනික් අයගේ හදිස්සියට, ඒ අය සතුටු කරන්න අපි කටයුතු කරන්නේ නෑ. දිනන්නේ කවුද කියලා බලලා පක්ෂ මාරු කරන අය වගේ තීරණ ගන්න සිරිතක් අපේ නෑ.”

මහින්ද රාජපක්ෂ අගමැති පදවිය පිරිනැමීමෙන් අනතුරුව කිසිදු විදේශීය රාජ්‍ය නායකයකු ඔහුට සුබ නොපැතීම ම ධුරයේ නීති විරෝධී භාවය විදහා දක්වන්නක් බව‍ට TNA පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පෙන්වා දුන්නා.

Loading…