හොරු රැල ඔක්කෝම මහින්ද වටේ…….!

0

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වටකොට ගෙන සිටි ආත්ම විශ්වසයක් නැති හොරු රැල නැවතත් ඔහුව වටකොට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක පවසනවා.

“ඊයේ නව අග්‍රාමාත්‍යතුමා එතුමාගේ නිල නිවසට අපිව කැඳවලා තිබුණා පාර්ලිමේන්තු කණ්ඩායම.අපිත් ඉතින් බොහෝම අමාරුවෙන් අර ගේට්ටුවෙන් ඇතුල් වෙලා ගියා. අපි ඒ රැස්වීමට යන අතරතුර හා නැවත රස්සාවෙන් අවසන් වෙලා එනකොට දැක්ක දේ තමයි අර පරණ හොරු නැවත එකතු වෙලා ඉන්නවා කියන එක. මේවා අරක් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ආත්ම ශක්තියක් නැති ප්‍රතිපත්තියක් නැති කට්ටිය එතන හිටියා. දේශපාලන ආනාථයින්ට වගේම දේශපාලන අපතයින්ට මෙම ජනතා ජයග්‍රහණය පවා දෙන්න හොද නෑ. අමාත්‍ය මණ්ඩලය පත් කරන කොට එම අමාත්‍ය මණ්ඩලයට අත් විය යුත්තේ විෂය පිළිබදව දැනුමක් තියන සුදුස්සන් පමණයි. දොළ පිදේනි දෙන්න අමාත්‍ය මණ්ඩල අමාත්‍ය ධූර අවශ්‍ය නෑ. අපේ රටේ තියන එක පිළිගැනීමක් තමයි මේ දෛවඥයන් එක්ක කටයුතු කරන එක. දෛවඥයන්ගේ කට ගැස්මක් වෙන්න ඕන නෑ. මහබැංකු වංචාව ගැන හොයනවා වගේම මේ වෙනකොට මැති ඇමතිවරුන්ට විරුද්ධව පවරලා තියන නඩු ඉවත් කර ගන්නත් බෑ. නඩු අහලා වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි. කිරෙන් හේදුවත් අගුරු නම් සුදු වෙන්නේ නෑ. දේශපාලනයද ඒක එහෙමම තමයි. ඒක නිසා දේශපාලනය කරපු එකාටත් අදාලයි. හොරා හොරාම තමයි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.