රටේ දේශපාලන තත්ත්වය ජනතාවට අහිතකරයි….පාර්ලිමේන්තුව කැඳවීම එකම විසඳුමයි – UN නිත්‍ය නියෝජිතයෝ කතානායකට කියයි

0

ලංකාවේ සිදු වූ අනපේක්ෂිත දේශපාලන පරිවර්තනය පිළිබඳව තමා ඉතා කණගාටුවට පත් වන බවත්, එය ඉතා අහිතකර ප්‍රතිවිපාක වලට ජනතාවට මුහුණ දීමට සිදුවන බවත් එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත හන්නා සින්ගර් (Hanna Singer) කතානායක කරු ජයසූරිය වෙත පවසා තිබෙනවා.

එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරිය, යුරෝපා සංගම් තානාපතිවරයා, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා, කැනඩා හා ජර්මානු තානපති ඇතුළු කණ්ඩයමක් සමඟ අද (31) පස්වරුවේ කතානායකවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර සිටියා.

තමා අද පස්වරුවේ ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත බවත් එහිදි ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් බලාපොරොත්තු වන බවත් මෙහිදී කතා නායකවරයා විසින් පවසා තිබේ.