බමරු මලෙන් රොන් ගන්නවා වගේ බදු ගන්නවා

0

අවුරුදු ගණනාවක් පුරා රටේ මනා ආර්ථික පරිවර්තනයක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණු අමාත්‍යාංශයම නැවතත් මෙහෙයවීමට ලැබීම පිළිබඳව තමා ඉතාම සතුටට පත් වන බව ව්‍යවස්ථා විරෝධී,ජනාධිපතිවරයා විසින් පත්කල අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (31) උදෑසන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් එම අමාත්‍යාංශයේදි වැඩ භාර ගනිමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“2005 වර්ෂයේදි ජාතික ආදායමෙන් භාගයකට වඩා පැවති පසුගිය ආණ්ඩුවේ ණය 2014 වන විට 71% දක්වා ක්‍රමාණුකූල ව අඩු කිරීමට මේ අමාත්‍යාංශය මනා ලෙස ඉටුකළා කියන එක අපි මතක් කරන්න ඕන. 10%කට වඩා තිබුණ වාර්ෂික උද්දමන වේගය තනි අගයකට වඩා අඩු අගයකට ගෙනියන්න අපිට ශක්තිය ලැබුණා. ත්‍රස්තවාදී යුද්ධය අවසාන වීම සමග 10% ක්ව පැවති උද්ධමන අගය 5% දක්වා අඩු කරන්න පුළුවන්කම ලැබුණා. මෙම අමාත්‍යාංශයේ වසර 3 මාස 10 කට පස්සේ මුදල් හා ආර්ථික අමාත්‍යවරයා වශයෙන් මම වැඩ බාර ගන්න කොට පවතින තත්ත්වය ඊට වඩා ව්‍යාකූල බව මම දන්නවා. මේ අමාත්‍යාංශයට විශාල අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩ පිළිවෙළක් අපිට අවශ්‍යයි. බදු ක්‍රමය සරල වෙන්න ඕන. අර කතාවක් තියනවා බමරු මලෙන් රොන් ගන්නවා වගේ ගන්න ඕන බදු. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. සූත්‍රයක් දාලා හැම මාසෙම මේක උඩට පල්ලේහාට යන ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. අපේ රටේ විදේශ සංචිත ආරක්ෂා කර ගන්න ඕන.”

“මැතිවරණ කල් දාන උදවිය දවස් 11ක් මැතිවරණ ය කල දැම්මා කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දැම්මා කියලා මහා ලොකු විවේචනයක් එල්ල වෙනවා. නොවැම්බර් 5 වෙනිදා තමයි පාර්ලිමේන්තුව කැඳවන්න තියෙන්නේ. 5 වෙනිදා ඉදලා 16 වෙනිදා වෙනකම් විතරයි කල් දාලා තියෙන්නේ. මේක වෙන ජනාධිපතිවරු කරපු නැති දෙයක් කියලා හිතාගෙන ඉන්නේ මමත් කළා. මමත් කල් දැම්මා. ප්‍රේමදාස මැතිතුමත් මාස ගාණක් කල් දැම්මා පුතාට මතක නෑ. මේවා අත ඇරලා යන එකත් බොහෝම ලේසියි. මම ජනවාරි 9 වෙනිදා උදේ ප්‍රතිඵල එන්නත් ඉස්සල්ලා හිනා වෙවි අත වනා වනා ගියා. අපිට පුළුවන් යන්න හිනා වේවි  ජනතාව මොකද වුණේ කියලා කනස්සල්ලෙන් බලාගෙන ඉන්නකොට සමහරුන්ට එහෙම යන්න බෑ. එහෙම හිනා වෙලා අත වන වන. අඩ අඬා ඇතුලට වෙලා ඉන්න ඇහැකි.” අගමැතිවරයා පවසා සිටියා.

Loading…