මෛත්‍රී ජනපතිව පැයෙන් ගෙදර යවන්න චාන්ස් එකක්

0

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර තිබේ.

තමා 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එක්තරා තද බල පියවරක් ගත් බවත්, අද ගෙන ඇත්තේ ඊටත් වඩා තද බල පියවරක් බවත් පවසා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතු බැවින් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරණ බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ නිත්‍යානුකූල නොවන් ආකාරයට අගමැතිවරයා හැටියට හදිසියේ තනි කැමත්තට පත්කිරිමට මෛත්‍රීපාල සිරිසේන ගත් තින්දුව හේතුවෙන් මේ වනවිට ශ්‍රිලනීපයේ මෛත්‍රී සමග සිටි කණ්ඩායම බරපතල ලෙස අර්බුදයකට මුහුණ දි සිටින අතර එම කණ්ඩායමේ පිරිසක් මේ වනවිටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටි. මෙම අර්බුද හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

Loading…