බහුතර කතා අවසන්…. පාර්ලිමේන්තුව විසුරුවාලීමට කුමන්ත්‍රණ! යලිත් ව්‍යවස්ථාවට පයින් ගහන ලකුණු!

1

පවතින උග්‍ර දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සදහා කටයුතු කිරිම හැර් වෙනත් මගක් නොමැති බව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මැතිවරණයක් කැදවිමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නොමැති වුවත් ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැතිවරයා පත්කල ආකාරයටම මැතිවරණයක් කැදවිමට කටයුතු කරන ලෙසයි ඔහුන් ඉල්ලා ඇත්තේ.

මේ අතර මේ වනවිට මහින්ද පාර්ශවයෙන්ද මැතිවරණයක් කැදවන ලෙසට ඉල්ලිම් ගලා එමින් තිබේන අතර මහින්දට සම්බන්ධ විවිධ සංවිධාන මේ වනවිට මාධ්‍ය හමු කැදවමින් මහ මැතිවරණයක් කැදවිය යුතු බවට මතවාදයක් සමාජ ගත කරමින් සිටින අතර 113+ බහුතරය සේවිම පසේක තබා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණද මැතිවරණයක් වෙනුවෙන් සුදානම් වෙමින් සිටි.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරවීමට බලය ලැබෙන අවස්ථා 03කි.

1. පාර්ලිමේන්තු ව මුල් වරට කැදවා වසර 4 1/2 ක් ගතවීම.
(70 වන ව්‍යවස්ථාව)

2. පාර්ලිමේන්තුව මුල් වරට කැදවා වසර 4 1/2 කට පෙර නම් පාර්ලිමේන්තු වේ මන්ත්‍රීවරුන් 2/3 කගේ කැමැත්ත තිබීම.(70 වන ව්‍යවස්ථාව)

3. ජනමතවිචාරණය ක් මගින් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතාව විසින් අනුමත කිරීම (86, 3 සහ 4.(අ), 4.(ඉ), 33.2.ඇ, සහ 70 ව්‍යවස්ථා)

මෙම ක්‍රම වලින් නොවන වෙනත් ක්‍රම වලින් පාර්ලිමේන්තුව විසුරවා දැමීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් එය බරපතල අහිතකර ප්‍රතිඵල අත් කරනු ඇත.

සිරිසේන ජනාධිපතිවරයා යලිත් වරක් ව්‍යවස්ථාවට එරෙහි වන්නේද?

Loading…

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here