U.S. Foreign Assistance Act හි 508 වන වගන්තිය අනුව ලංකාව ලබා දී ඇති ආධාර සියල්ල කපා දැමිමට සුදානමක්!

0

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත අගමැතිවරයා ලෙස පත් වීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් මෙන්ම ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයේ හා සංවර්ධනයේ ප්‍රමුඛ භුමිකාවක් රඟ දැක්වීමට චීනයට නැවත අවස්ථාවක් ලබා දීම බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

විදේශිය මාධ්‍ය ආයතනයක් වන Foreign Policy වෙත ජාත්‍යන්තර දේශපාලන විචාරකයෙකු වන Bharath Gopalaswamy පවසා සිටින්නේ චීනයේ එම හැසිරීම ඉන්දු ෆැසිපික් කලාපය තුළ එක්සත් ජනපදයේ ක්‍රියාකාරිත්වයට එය බාධාවක් වන බවයි.

රාජපක්ෂගේ පත් වීම ඉන්දු පැසිෆික් කලාපය තුළ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකවාදයේ හා සංවර්ධන මූල්‍ය ප්‍රතිපත්ති වල සීමාවන් පනවන බවයි.

මේ අතර යුරෝපා සංගමය දැනටමත් පවසා ඇත්තේ ශ්‍රි ලංකාවට ලබා දී ඇති වෙළඳ සහන අවම අවලංගු වීමේ හැකියාවක් පවතින බවයි. එසේම යම් හෙයකින් රාජපක්ෂගේ පත් වීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළහොත්  U.S. Foreign Assistance Act හි 508 වන වගන්තිය අනුව ලංකාව ලබා දී ඇති ආධාර සියල්ල කපා දමනු ඇත.

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here