මහින්දගේ මඩ බලකාය වැඩ අරඹයි.. නාමල්ගේ වෙබ් ක්‍රියාකරුගේ බොරු පුවත අතේ මාට්ටු…

0

ව්‍යවස්ථාවට එරෙහිව ජනපති ගත් තින්දුව සම්බන්ධයෙන් කතානායකවරය කල නිළ දැනුම් දිමෙන් පසුව ව්‍යාජ්‍ය ආණ්ඩුවට එරෙහිව ඇමතිකමෙන් ඉවත් වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී‍ මනූෂ නානායක්කාර මහතා සිංගප්පූරුවේදී අත් අඩංගුවට පත් වී තිබේන බවට මහින්දගේ වෙබ් මඩ බලකය විසින් පුවතක් නිර්මාණය කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටි.

අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් වන අතර එම අසත්‍ය පුවත රටේ ජනතාව තුල සමාජ ගත කිරිම සදහා සිංගප්පූරුවේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන www.straitstimes.com ,the straits time නැමැති වෙබ් අඩවියෙ පුවත් ලෙස දැක්වෙන පරිදි සංස්කරණය කර පලකර තිබේ.

නාමල් රාජපක්ෂගේ සමාජ ජාලා ක්‍රියාකාරු ලෙස පෙනී සිටින කැලුම් පියංකර නැමත්තා සමාජ ජාලා හරහ ප්‍රචාරය කරන පුවත

the straits time වෙබ් අඩ්වියේ AHTC TRIAL නැමති කාණ්ඩයේ එක් පුවතක් ඉවත් කර එම මඩ පුවත නිර්මානය කර තිබේ.පහත දැක්වෙන්නේ අදාළ වෙබ් අඩවියේ මේ වනවිට පලවි තිබේන පුවතයි.

අසත්‍ය පුවත තහවුරු කිරිමට මහින්දගේ මඩ බලකාය එම ව්‍යාජ්‍ය පුවත වෙනස් විදියටද නිර්මාණය කර තිබේ.

අසත්‍ය පුවත හරහා තවදුරටත් ආගමන – විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකුද හුවා දක්වා ඇති අතර ඒ හරහා ආගමන – විගමන දෙපාර්තමේන්තුවටද බරපතල ආකාරයේ අපහාසයක් මෙම කණ්ඩායම විසින් සිදුකර තිබේ.

උපුටා ගැන්ම – මහින්දගේ මඩ බලකාය පලකල පුවත 

එලෙස අත් අඩංගුවට පත් වෙන අවස්ථාවේදී ඉපයීමේ මූලාශ්‍ර දැක්වීමට නොහැකි වූ (කළු සල්ලි) එක්සත් ජනපද ඩොලර් 2850000 ක් ලඟ තබාගෙන සිට ඇත. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 50 කට ආසන්න මුදලකි.

කටුනායක ගුවන් තොටුපොළ ආගමන – විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ ඒ මහතා ඊයේ (06) දින අලුයම සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

ඔහු මීට දින කිහිපයකට පෙරදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගත් අතර ඉන් පසුව නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක් විය. පසුදින මෙලෙස සිගප්පූරුවට ගිය පසුව මෙලෙස සිංගප්පූරු පොලිසියේ අත් අඩංගුවට පත් විය.

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here