පාතාලෙට සල්ලි දීලා මාව හිරේට දාන්න හදනවා…….!

0

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තමා උත්සහ කරන බව පැවසීමට පාතාල නායකයන්ට මිලියන 300කට මුදලක් ලබා දීමට නීති විරෝධි ලෙස බලය අල්වා සිටින පිරිස සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (07) අරලිගහ මන්දිරයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවලදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එලෙස බොරු චෝදනා ගොනු කර හෝ තමා ඇතුළු අභියෝගයක් විය හැකි පිරිස සිරගත කිරීමට ජනාධිපතිවරයා ඇතුළු පිරිස උත්සහ දරන බවයි.

මහින්ද රාජපක්ෂ ඒකාධිපතියකු බව හා  ඔහු දිනුවා නම් තමා ඉන්නේ අඩි 6ක් පොළව යට යැයි කී මෛත්‍රීපාල සිරිසේන දැන් මහින්ද රාජපක්ෂ ළංකරගෙන ඇති බව කී ෆීල්ඩ්මාෂල්වරයා එක්කෝ එදා සිරිසේන බොරු කීවා විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.

“හෙජිං ගිවිසුමෙන් බිලියන 76ක් රටට පාඩු වුණා. ග්‍රීක බොන්ඩ් කියලා බිලියන 7ක් දැම්මා.  ඒ කාලේ ඒවා ගැන කවුරුත් කතා කළේ නෑ. ඒවා වුණේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ. පාලකයා ඒවා ගැන කතා කරන්නේ නෑ.මෛත්‍රීපාල මරන්න සරත් ෆොන්සේකා කතා කළා කියලා කියන්න කියලා මෙයාලා  පාතාල නායකයන්ට කතා කරලා තියෙනවා.  දැන් ඒ වෙනුවෙන් ඔවූන්ට මිලියන 3000ක් දෙන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා.   පාතාල නායකයන්ට පවා මිලියන තුන් හාර දහසක් දීලා අපිව කූඩුවල දාන්නයි හදන්නේ. අපිට හිරබත් කාලා පුරුද්ද තියෙනවා. අසාධාරණ වැඩ කරන අයට පැවැත්මක් නෑ. ඒවට මුහුණ දෙන්න අපට ශක්තියක් තියෙනවා”

Loading…