ජනමතවිචාරණය 12 වැනිදා කැඳවයි?.. රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තුව යලී වසයි!

0

වයවස්ථානුකූල විරෝධී අකාරයට අගමැතිවරයෙකු පත්කර ගැනිම හරහා මුහුණ දි සිටින දේශපාලන අර්බුදයෙන් කෙසේ හෝ ගොඩ ඒම සදහා තවමත් මෙහෙයුමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිවරයා කලින් තින්දුකර තිබුනද ඒ හරහා යලිත් ව්‍යවස්ථාව කඩකිරිම දේශපාලන අර්බුදය උග්‍ර කිරිමට හේතුවක් විය හැකි බැවින් අවසන් අවස්ථාවේ එම තින්දුව අතහැර දමා ඇති අතර මේ වනවිට ජනමත විචාරණයක් කැදවිම කෙරෙහි අවධානය යොමුකර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

යම් හෙයෙකින් ජනමතවිචාරණයක් කැදවිමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් ජනමතවිචාරණයක් කැදවීමට දින නියම කිරීමේදී ලබන 12 වැනිදා බොහෝවිට එය කැදවිමට හැකියාවක් පවතින අතර ඉන් පසුව එළඹෙන 14 වැනිදා පාර්ලිමේන්තුව කැදවිමෙන් පසුව පාර්ලිමේන්තුවේ රාජාසන කතාවෙන් පසු නැවත වාරාවාසාන කිරිමට කටයුතු කිරිම ජනපතිගේ උපක්‍රමය වි තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව 14 දින රාජාසන කතාවෙන් පසු නැවත වාරාවාසාන කිරිමට කටයුතු කලහොත්,ජනමතවිචාරණයක්ද කැදවා ඇති බැවින් ජනාධිපතිවරයාට මාස දෙකක කාලයක් පාර්ලිමේන්තුව කල්දැමිය හැකිවනු අතර ඒ අනුව පාර්ලිමේන්තුව නැවත කැදවිය යුතු වන්නේ 2019.01.14 හෝ ඊට ආසන්න දිනකය.ඒ අතරතුර ජනමතවිචාරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමට පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයක් කැදවිම සම්බන්ධයෙන් ජනපතිට ඇති බලතල පහලින් බලන්න

Loading…


දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 85 වන ව්‍යවස්ථාව, එකී 19. ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ඉවත් කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here