ගහපු පම්පෝරි කෝ….! රටින් පැන්න විදේශ විනිමය කෝටි 700ත් පනී..

0

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිමින් රුපියල අවප්‍රමාණ වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කෑගැසු උදවිය පාලනය අතට ගෙන ගෙවි ගිය දින කිහිපය තුළ විදේශ විනිමය කෝටි 700කට වඩා වැඩි ප්‍රමාණයක් රටින්  පිටව ගොස් ඇති බව අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කරනවා.

ඊයේ (07) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“අපිට පුළුවන් කියලා පම්පෝරි ගහපු මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දහස්වර කතා කරපු, රුපියල අවප්‍රමාණ වීම දවසින් නතර කරනවා කියලා පම්පෝරි ගහපු මේ කට්ටිය බලය අරගෙන ගෙවුනු දින කිහිපය තුළ රටට කරලා තියන ආර්ථික හානිය බැලුවාම වෙනම නීති රීති ගේන්න වෙනවා මේ අයට දඬුවම් දෙන්න. මේ කෙට් කාලය තුළ කොටස් වෙළඳපොළ ගත්තාම මේ රටේ විදේශ විනිමිය ගෙවුණු දින කිහිපය තුළ රුපියල් කෝටි 700කට වැඩි ප්‍රමාණයක් රටින් පිටවෙලා තියනවා කියලා සහතික කරලා කියන්න පුළුවන්. මේකේ සaජු බලපෑම එන්නේ රුපියලට. ඩොලරයේ අගය නිසා. ඒකෙන් මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඉදලා සැප්තැම්බර් වෙනකම් රුපියල් කෝටි 600ක් වගේ තමයි මේ රටින් පිට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ දවස් 7 ඇතුලත් රුපියල් කෝටි 700ක් රටින් පිට වෙච්ච වගකීම ගන්නේ කවුද? මේ රටට මේ රටේ ආර්ථිකයට කරන අපරාධය ගැන කවුද මේ රටේ ජනතාවට උත්තර දෙන්නේ. දැනට රුපියල තවත් අවප්‍රමාණ වීම නතර කරන්න අපේ සංචිත වලින් රුපියල් මිලියන ගණනක් මුදා හැරලා තියනවා මහ බැංකු වාර්තා වලට අනුව. එහෙම තමයි මේ ගොල්ලෝ රුපියල අවප්‍රමාණ වීම වලක්වන්න හදන්නේ. දැන් මම අහන්නේ මේ මහා ආර්ථික විශේෂඥයෝ කෝ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here