සිරිසේනයි නඩයයි වන බඹරු වගේ…රට කරන්නේ මෙලෝ සිහියකින් නෙමෙයි…….

0

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති හා ඔහුගේ පිරිස මානවහිමිකම් ගරු නොකරන කොට්ඨාසයක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාතිලක පවසනවා.

ඊයේ (07) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු සඳහන් කළේ එම පිළ ජනතාව තලා පෙලා දමමින් රට කරන බවයි.

“අපිටත් කියන්න පුළුවන් තමුන්නාන්සේලාගේ පිලේ ඉන්න නායකයෝ ටික සමනල්ලු නෙමෙයි වන බඹරු වගේ කියලා. මල නොතලා රොන් ගන්න බඹරු වගේ නෙමෙයි මල තලලා රොන් ගන්න බඹරු ටිකක් තමයි රට කරගෙන ඉන්නේ. ඔයාල සිහියක් නෑ. දෙන තීන්දු මොනවද දන්නේ නෑ. එතනදිම පෙනුනා වැරදෙනකොට එයාගෙම ගෝලයට සිද්ධ වුණා අත අල්ලලා නවත්වන්න. ජනාධිපති සිරිසේනගේ. මෙන්න මේ තත්ත්වය තමයි එතුමාගේ තියෙන්නේ. අපි පැහැදිළිවම කියන්න ඕන එතුමන්ලාගේ මානවහිමිකම් පිළිබඳ හැගීම් කොච්චර පහත් ද කියලා තේරෙනවා.” ආචාර්යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here